spot_img

Abbayitho Ammayi (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් අරන් ආවා හුගක් අය බලල නැති ෆිල්ම් එකක්. ගිය මාසෙ බැලුවනම් ඇරෙන්න මේක කිසිම කෙනෙක් බලල නම් තියෙන්න විදියක් නැහැ. දන්න විදියට මේකට ලින්ක් තිබුණෙ නැහැ. කොහොම අරි පහුගිය දෙවෙනිදා රූපවාහිණියේ විකාශණය වුණු නිසා HDTV පිටපතක් බලාපොරොත්තුවෙන් හිටියත් ආවෙ නම් නැහැ. ඒත් ගිය මාසෙ මේකට හැම කොලිටි එකකින්ම ලින්ක් ඇවිල්ලා තියෙනවා දන්නෙත් නෑ.ඔන්න එහෙනම් පහුගිය දිනේ දැනගත්ත ගමන් ලොකු උපසිරැසියකුත් ගැහුවා. මොකද මේක මම ගහන්න හිතාගෙනම හිටපු එකක් නිසා.

අබ්බයිතෝ අම්මායි කියන්නේ “කොල්ලෙක් එක්ක කෙල්ලෙක්” කියන එකට. මේක 2016 ජනවාරි 1 වෙනිදා තමයි රිලීස් වෙලා තියෙන්නෙ. මේකේ අපි හැමෝම දන්න නාග ෂවුර්‍යා, පලක් යන දෙපළ ප්‍රධාන රංගනයෙන් දායක වෙන අතර, බ්‍රහ්මානන්දන්, රාඕ රමේශ්, ප්‍රගති සහ තුලසි අය අය සෙසු චරිත නිරූපනය කරනවා. නිතරම දකින අය තමයි. චිත්‍රපටිය අයත් වෙන්නේ Romance කියන කැටගරි එකට. IMDb දර්ශකයේ 6.4ක අගයක් ලබාගෙන තියෙනවා මේ චිත්‍රපටය.

රමේශ් වර්මා අතින් අධ්‍යක්ෂණය වන මෙම චිත්‍රපටය නිෂ්පාදකරු 3 දෙනෙක් යටතේ නිෂ්පාදනය වෙනවා. ගීත 09ක් ඇතුළත් වන මෙම චිත්‍රපටයේ සංගීත මුසුව Ilaiyaraaja අතින් සිදු කෙරෙනවා.

අභී කියන්නෙ සිය පියා එක්ක යාළුවෙක් වගේ ඉන්න කෙනෙක්. ඉතිං අභී පළවෙනි සැරේට කරන සේරම දේවල් තාත්තා එක්ක කියනවා, තාත්තා සතුටු වෙනවා, දෙන්නම පාටිත් දානවා ඒවට. ඒ දේවල් වලට සිගරට්, මත් පැන්, හාදුව, උපන්දින..etc. පළවෙනි වතාවට කරන හැම දේම. ඔහොම කාලෙ ගෙවෙනකොට අභීට ෆේස්බුක් එකෙන් යෙහෙළියක් මුණ ගැහෙනවා. එකවුන්ට් දෙකම ෆේක් ඒවා උනත් දෙන්නා අතරේ ලොකූ මිතුදමක් ඇරඹෙනවා. ඒත් දෙන්නට දෙන්නා අදුරන්නෙ නම් නෑ.

ඒ මිත්‍රත්වය එහෙම ගලන් යද්දි, අභීට පාරදි දකින ගැහැණු ළමයෙක්ට හිත යනවා. ඒත් මේක ආදරයද නැත්නම් කාමයද කියලා ඔහුවත් දන්නෙ නෑ. එතැන් පටන් කථාව ගලාගෙන යනවා. නොසිතූ ලෙස කතාව උඩු යටිකුරු වෙන්න ගන්නෙ අභී පළමු වතාවට කරන යමක් නිසයි. කිසිම කෙනෙක් කිසිම බුරුලක් පෙන්වන්නෙ නැති තැන සියල්ලෝම අසරණ වෙනවා.. යාළුවා විතරයි පිහිටට ඉන්නේ.

“ආදරේදි මගේ තේරීම වැරදි වෙන්න ඇති, ඒත් යාළුකමේදි නම් දෙවියො මට පුදුමාකාර තේරීමක් දුන්නා,”
“ආදරේ හැමෝගෙම ජීවිත වල නැති වෙන්න පුළුවන්, ඒත් හැමෝටම හොද යාළුවෙක් නම් අනිවාර්‍යයෙන්ම ඉන්න ඕනේ”

ඉතිං උඩ කියමනෙන් කථාව ගැන අවබෝධයක් එන්න ඇති කියලා හිතනවා. ලස්සන ලස්සන ගීත 9ක් එක්ක පැය 2යි විනාඩි 28ක් පුරා ගලන් යන කථාවේ ගීත 9යම එක්ක උපසිරැසි ගන්වලා ඇති. Romance කැටගරියට කැමති අය ඉන්නවනම් අරන් බලන්න. 2021 ආපු ඒවට වැඩිය නම් හොදයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram