today-is-a-good-day
More

    Aiyaary (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    A Wednesday (2008), Special 26 (2013), Baby (2015), M.S. Dhoni: The Untold Story (2016) වගේ ප්‍රෙක්ශකයන් සිත් තුළ පැළපදියම් වුනු සිනමා නිර්මාණයන් පෙළක නිමැවුම්කරුවා වුනු නීරජ් පාන්ඩේගේ පස්වන සිනමා නිර්මාණය තමයි Aiyaary.ඔහුගේ කලින් නිර්මාණ හතරේදිම වගේ මෙවරත් චිත්‍රපටයේ කතාව ඔහු විසින්ම රචිත එකක්. Action, Crime, Drama කියන වර්ගීකරණයට අයත්ව නිර්මාණය වුනු Aiyaary චිත්‍රපටයේ IMDB දර්ශක අගය 5.1/10ක්. නීරජ් පාණ්ඩේ විසින් නිර්මාණය කරපු චිත්‍රපටයක් 7.5කට වඩා අඩු IMDB දර්ශක අගයක් වාර්තා කරපු පළමු අවස්තාව තමයි මේක. චිත්‍රපටය යුධමය සංසිද්දීන් පසුබිම් කරගනිමින් නිර්මාණය වී තිබිම එහෙම වෙන්න හේතුවක් වුනා විය හැකියි. ඒ කෙසේ වෙතත් Aiyaary චිත්‍රපටය ආරම්භයේ පටන් අවසානය දක්වාම බොහොම කුතුහලයෙන් යුතුව නරඹන්නට පුලුවන් චිත්‍රපටයක් බව නම් විශ්වාස‍යෙන් යුතුවම කියන්නට පුලුවන්.

    Hasee Toh Phasee (2014) , Ek Villain (2014) , Brothers (2015), Kapoor & Sons (2016) , Baar Baar Dekho (2016) , A Gentleman (2017) , Ittefaq (2017) වගේ ජනප්‍රිය චිත්‍රපට ගණනාවක් හරහාම ප්‍රේක්ශක අවධානය දිනාගත් සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ Yaariyan (2014) චිත්‍රපටය හරහා බොලිවුඩයට පිවිසි රාකුල් ප්‍රීත් සින්ග් සමගින් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් වන මනෝජ් බජ්පායි, නස්රුදීන් ෂා වගේම නීරජ්ගේ චිත්‍රපටවලට නැතිවම බැරි අනුපම් කේර් මෙම චිත්‍රපටයට ප්‍රමුඛ පෙළ රංගනයෙන් දායක වෙනවා.හරි ඉතින් ඔන්න චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කිව්වා හැබැයි මේකේ අන්තර්ගතය ගැන නම් මම මුකුත්ම කියන්න යන්නේ නැහැ ඒක ඔයාලට චිත්‍රපටය බලලම දැනගන්න වෙයි.ඒ වගේම ලිපියක්වත් ලියාගන්න වෙලාවක් නැතුව කාර්යබහුල වෙලා ඉන්න වෙලාවේ චිත්‍රපටය ගැන පොඩි විස්තර ටිකක් හොයලා ලිපිය සම්පාදනය කරපු ගයාන් අයියටත් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ එහෙමනම් මේ මගහැරගන්න නොවටින චිත්‍රපටය නරඹන්න හැමෝටම ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්,බුදුසරණයි.

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Aiyaary (2018) සිංහල උපසිරැසි” Aiyaary.(2018).Sinhala.Subtitle.rar – Downloaded 572 times – 43 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    විනොද් උක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram