spot_img
spot_img
More

    Andhadhun (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2018 වසරට අදාලව තිරගත වුනු බොලිවුඩ් චිත්‍රපට අතරේ බොක්ස් ඔෆිස් සුපර්හිට් චිත්‍රපට අතලොස්ස අතරට එක් වුනු andhadhun චිත්‍රපටය Ek Hasina Thi (2004), Johnny Gaddaar (2007), Agent Vinod (2012) , Badlapur (2015) වැනි ජනප්‍රිය සහ අපූරු චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ශ්‍රීරාම් රාඝවන්ගේ අධ්‍යක්ෂණ්‍යක්. Comedy, Crime, Thriller කියන වර්ගීකරණයන්ට අයත් අන්ධාදූන් චිත්‍රපටය විශේෂයෙන් ත්‍රිලර් චිත්‍රපට ප්‍රිය කරන සිනමා රසිනයන් නම් කිසිසේත්ම මගනොහැරගත යුතු චිත්‍රපටයක්. 2018 වර්ෂයට අදාලව තිරගතවුනු හොඳම බොලිවුඩ් ත්‍රිලර් එක කිවුවත් වැරදි නැහැ. ඒ තරම්ම කුතුහලය ඇති වෙන විදියට මේ කතාන්දරය ගොතන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. IMDB දර්ශකයේ 9.0/10ක ඉතාමත් ඉහළ අගයක් සනිටුහන් කරගනිමින් ‍IMDB දර්ශකයේ හොඳම බොලිවුඩ් චිත්‍රපට අතරට එක් වෙන්නටත් අන්ධාදූන් චිත්‍රපටය සමත් වී තිබෙනවා.

    නවපරපුරේ අතිදක්ෂයෝ දෙදෙනෙකු වන ආයුෂ්මන් කුරානා සහ රාධිකා ආප්තේ ප්‍රවීන සහ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිණී තාබු සමගින් මෙම චිත්‍රපටයට ප්‍රමුඛ රංගන දායකත්වය සපයා තිබෙනවා. සියලුම රංගන ශිල්පීන් තම තමන්ගේ වපසරිය තුළ තමන්ගේ කාරිය මැනෙවින් ඉටු කොට තිබුනා වගේම අමිත් ත්‍රිවේදිගේ සංගීත සුසංයෝගය චිත්‍රපටයේ වටිනාකම දෙගුණ තෙගුණ කොට තිබුනා.

    මේ චිත්‍රපටයේ කතාන්දරය ගැන නම් වැඩි යමක් කියන්නට බැහැ. ආරම්භයේ පටන්ම ප්‍රේක්ශකයාව විටින් විට මවිත කරවන ආකාරයෙන් තමහි කතාන්දරය ගලාගෙන යන්නේ. ආකාෂ් (ආයුෂ්මන් කුරාණා) අන්ධ පියානෝ වාදකයෙක්. ඔහුට අහම්බෙන් හමුවන සොෆී (රාධිකා ආප්තේ) සුන්දර තරුණියක්. ඇයගේ උදවුවෙන් ආකාෂ්ට පුලුවන් ඇයගේ ලියාට හිමි අවන්හලේ අමුත්තන් වෙනුවෙන් පියානෝ වාදන කරලා පොඩි ආදායමක් උපයගන්න. නමුත් එක් දිනක් අවන් හලට ගොඩ වෙනවා ප්‍රමෝද් සින්හා (අනිල් ධවාන්) නම් දැනට රංගනයෙන් සමුගෙන ඉන්න මැදිවිය ඉක්මවපු ජනප්‍රිය නලුවෙක්. ඔහුගේ ආරාධනාවෙන් ආකාෂ්ට සිද්ද වෙනවා ඔහුගේ නිවසට ගොස් ඔහු සහ ඔහුගේ බිරිඳ සිමී (තාබු) වෙනුවෙන් පුද්ගලික පියානෝ වාදනයක් ඉදිරිපත් කරන්න. ඒ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන්. ඒ ගමනින් ආකාෂ්ගේ මුලු ජීවිතයම වෙනස් වෙනවා. ඔහුට සිද්ද වෙනවා මිනීමැරුමකට මැදි වෙන්නට. කවුද එම නිවසේදී ඝාතනය වෙන්නේ? කවුද ඝාතකයා? ඇස් නොපෙනෙන ආකාෂ් කොහොමද මේ මිනීමැරුම ගැන දැනගන්නේ? සහ එතනින් එහාට ආකාෂ්ගේ ජීවිතය ‍කොයි තැනකට පෙරලෙයිද කියලා චිත්‍රපටය නරඹන ඔබට දැනගන්නට පුලුවන් වේවි.
    අවසාන වශයෙන් නැවත වතාවක් සිහිපත් කරනවා මේක නම් ඔබ මගනොහැර නැරඹිය යුතුම චිත්‍රපටයක්.

    කතෝලික සහෘදයන් සියලු දෙනාටම ලබන්නා වූ නත්තල සාමය සතුට සපිරි සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමින් සහ ලක්වැසි සියලු දෙනාටම ලබන්නා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඉක්මනින්ම නැවත හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගෙන යනවා. සුභ දවසක්!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “Andhadhun (2018) සිංහල උපසිරැසි” Andhadhun.2018.Sinhala.Subtitle.rar – Downloaded 520 times – 34 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram