spot_img

Apex (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Apex (2026) Sinhala Subtitle

හිතන්නකො, ඔයා කැලේක තනියම ගිහින් අතරමං වෙනවා. ඒ මදිවට, ඔයාව දඩයම් කරන්න
මිනීමරුවෙක් පස්සෙන් පන්නනවා කියලා. හිතද්දිත් ඇඟ හිරිවැටෙනවා නේද?
අන්න ඒ වගේ බිහිසුණු අත්දැකීමක් තිරය මතට ගේන, Netflix එකේ අලුතෙන්ම ආපු
“APEX” චිත්‍රපටියට උපසිරැසියක් තමයි මේ ගෙනාවේ.

කතාව පටන් ගන්නෙ සාෂා කියන දක්ෂ කඳු නගින්නියක් වටා. ඇයගේ සැමියා කඳු
නගිද්දී සිදුවුණු භයානක අනතුරකින් මිය යනවා. ඒ සිදුවීමෙන් පස්සේ, හිතේ
තියෙන දුකයි, වරදකාරී හැඟීමයි එක්ක තනිවෙලා ඉන්න සාෂා තීරණය කරනවා ඔස්ට්‍රේලියාවේ
දරුණු, ලේසියෙන් කාටවත් යන්න බැරි වන්ඩාරා (Wandarra) ජාතික වනෝද්‍යානයට යන්න. ඇයගේ
එකම අරමුණ තමන්ගේ හිත හදාගන්න එක.

ඒත්, මේ කැලේ ඇතුළේ ඇයට හිතාගන්නවත් බැරි දෙයක් බලාගෙන ඉන්නවා.
ඒ අනතුරට මුහුණ දෙන විදිය තමයි ෆිල්ම් එක පුරාවට තියෙන්නේ.

 ඔස්ට්‍රේලියාවේ ලස්සන වගේම බිහිසුණු කැලෑව ඇතුළේ මේ කතාව දිගහැරෙන
විදිහ හරිම අපූරුයි. ඒ දර්ශන තල නිසාම චිත්‍රපටියේ තියෙන කුතුහලය තවත් වැඩි
වෙනවා.

නළු නිළියන්: ප්‍රධාන චරිතය කරන, ඔස්කාර් සම්මානලාභී Charlize Theron ගැන
අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඇයගේ රංගනයෙන් සාෂාගේ බය, වේදනාව සහ
නොසැලෙන ධෛර්යය නියමෙටම පේනවා. 

කෙටියෙන්ම කිව්වොත්, “APEX” කියන්නේ හුස්ම ගන්නවත් වෙලාවක් නැති තරමට ඔයාව
කුතුහලයෙන් පුටුවටම ඇලවිලා තියන Survival Thriller එකක්. ඔයා
Action, Thriller චිත්‍රපටි බලන්න ආස කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන
ෆිල්ම් එකක්.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 PSA වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. thanks මචන් සිංහල sub එකට සහ එ විස්තර කිරිමට…….ෆිල්ම් එක බාන්න යන්නෙ 😌😍

  2. ස්තූතියි අශේන් සහෝ සුපිරියකට සබ් දුන්නට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram