spot_img
spot_img
More

    Aquaman (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ටිකක් විතර පමා උනත් 2018 වසරේ නිකුත් උන විශිෂ්ඨතම චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ…. DC යුනිවර්ස් කිව්වාම පහුගිය කාලේම තමන් කරපු චිත්‍ර‍පටි වැඩි ජනතා ආකර්ෂණයක් ලැබුනේ නැහැ… කරපු චිත්‍ර‍පටි වලින් පහුගිය කාලේ සාර්ථක උනේ Wonder women චිත්‍ර‍පටිය පමණයි… කොහොම හරි මේ අතරවාරයේ තමයි Aquaman චරිතයත් ඔවුන් රිදි තිරයට ගෙන එමට සුදානම් කරන්නේ… කොහොම හරි මේ චිත්‍ර‍පටිය අසාර්ථක එකක් නොවෙන්න ඕනි නිසාම මොවුන් මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්න බාර දෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් වැන්හටයි… කොහොම හරි DC ආයතනය හිතපු විදියටම ඇක්වාමැන් චිත්‍ර‍පටිය ආදායම් වාර්තා තබමින් තිරඟත වෙන්නට වගේම ජනතා ආකර්ෂණය ඉහලින්ම දිනාගන්න පුලුවන් චිත්‍ර‍පටයක් බවටත් පත් වුනා. ඩොලර් මිලියන 200ක පමණ වියදමක් දරා හදපු මේ චිත්‍ර‍පටිය නැවතුනේ ඩොලර් බිලියන 1147ක අදායමක් තබමින්… මේ නිසාම DC ආයතනයටත් මේ චිත්‍ර‍පටියෙන් අලුත් ජිවයක් ලැබුනා වගේ උනා… මෙහි ප්‍ර‍ධාන චරිතය වන ඇක්වාමැන් වෙනුවෙන් පණ පොවන්නේ Jason Momoa විසින්.. මිට අමතරව Amber Heard,Willem Dafoe,Patrick Wilson,Dolph Lundgren,Yahya Abdul-Mateen II හා Nicole Kidman වැනි ජනප්‍රිය චරිත රංඟනයෙන් දායක වෙනවා.

    මේ ඇක්වාමෑන් චරිතය ගැන අපිට මුලින්ම ඉඟියක් ලැබෙන්නේ Batman v Superman: Dawn of Justice (2016) තුලින්. පොඩියට වගේ… ඊට පස්සේ ඔහුව අපිව දකින්න ලැබෙනවා Justice League චිත්‍ර‍පටිය තුලින්…. ඉතින් ඇක්වාමැන් ගේ චරිතය ආරම්භය ගැන අපි කිසි දෙයක් නොදන්න නිසා මේ චිත්‍ර‍පටිය ඒ හැම එකටම උත්තර සපයනවා. කතාව ගැන කිව්වොත් එහෙම ටොම් කරී කියන්නේ ප්‍ර‍දිපාගාරයක පවත්වාගෙන යන පුද්ගලයෙක්. දිනක් කුනාටු සහිත රාත්‍රියක ඔහුට වෙරළට ගසාගෙන ඇවිල්ලා ඉන්න කාන්තාවක් මුණ ගැහෙනවා… ඇය තමයි මුහුද යට තිබෙන ඇට්ලන්ස්ට්ස් රාජධානියේ ඇට්ලනා රැජිනිය…. ඇය තමන්ගේ රාජධානියෙන් පැනලා එද්දි තමයි මේ විදියට වෙරළට ගසාගෙන එන්නේ… කොහොම හරි කාලයත් එක්ක මොහු මේ ප්‍ර‍දි්පාගාරයේ භාරකරු එක්ක ආදරයෙන් වෙලෙනවා.. එහි ප්‍ර‍තිඵලය තමයි මේ දෙන්නාට ආතර් කරී නමින් දරුවේ ඉපදිම… නමුත් මේ ඇට්ලානා රිජිනට වැඩිකාලයක් තමන්ගේ දරුවා හා සැමියා එක්ක ඉන්න නම් ලැබෙන්නේ නැහැ.. ඒ ඇට්ලන්ස්ටිස් රාජධානියෙන් ඇයට එල්ල කරන තර්ජනය.. මේ නිසාම ඇය සැමියාත් දරුවාත් වෙනුවෙන් ගන්න තිරණයක් විදියට නැවතත් තමන්ගේ රාජධානියට යනවා. කොහොම හරි ආතර් කරී තමන්ගේ පියාගේ සෙවනේ උස්මහත් වෙනවා වගේම ඔහු දැනගන්නවා තමන් ඇට්ලන්ටා රාජධානියේ උරුමකරු බව… නමුත් ඔහුගේ කිසිම කැමැත්තක් නෑ ඇට්ලන්ටා රාජධානියට හෝ රජකම බාරගන්න. නමුත් යම් කිසි සිදුවිමක් නිසා ආතර් කරීට ඇට්ලන්ටා රාජධානියට යන්නට සිදුවෙනවා… මොකක්ද ඒ හේතුව වගේම සේරම විස්තර දැනගන්න ඔයාට චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා… එහෙනම් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමගින් හමුවිමේ බලාපොරොත්තුවෙන්

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Aquaman.2018.Sinhala.Subtitle.rar – Downloaded 2442 times – 34 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    විනොද් උක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram