spot_img
spot_img
More

    Baaghi 2 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සෑහෙන ප්‍රමාද වුනා මේක අරගෙන එන්න. රැකියාවේ කාර්ය බහුලත්වය වගේම ෆුට් බෝල් වර්ල්ඩ් කප් එකත් හේතුවක් වුනා දවසින් දවස මේක අතපසු වෙන්න. දැන් නම් ගොඩාක් අය බලලාත් ඇති. නොබලපු අයට බලන්න ඔන්න ප්‍රමාද වෙලා වුනත් උපසිරැසි ගන්වලා අරගෙන ආවා බාගී 2 චිත්‍රපටය.

    මුලින්ම කියන්න ඕනේ මේක බාගී පළමු චිත්‍රපටය හා කිසිදු සම්බන්දයක් නැති බව. පළමු චිත්‍රපටයේදී ‍වගේම ටයිගර් ෂෙරොෆ් ප්‍රධාන චරිතයට පණ පොවද්දී ඔහුගේ පෙම්වතිය ලෙසින් දීෂා පටානි රංගනයෙන් දායක වෙනවා. ඒ මනෝජ් බජ්පායි, රන්දීප් හූඩා, දීපක් දොබ්රියාල් සහ දර්ශන් කුමාර් වැනි ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පීන් කිහිප‍ දෙනෙක්ම බාගී දෙවන චිත්‍රපටයට තම රංගන දායකත්වය මුසු කරලා තියෙනවා. Action, Thriller ගණයට අයත් වන මෙම චිත්‍රපටය අහමඩ් ඛාන්ගේ අධ්‍යක්ෂණයක්.ඒ ‍වගේම 2016 වර්ශයේදී තිරගත වුනු Kshanam තෙලිඟු චිත්‍රපටයේ Remake එකක් විදියට තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉදිරියේදී Kidnap කියන නමින් සිංහල චිත්‍රපටයක් විදියටත් ඔබට නරඹන්න පුලුවන් වේවි මේ චිත්‍රපටයම.

    රන්වීර් ප්‍රතාප් සින්ග් එහෙමත් නැත්නම් රොනී (ටයිගර්) කියන්නේ ඉන්දීය හමුදාවේ විශේෂ කාර්ය බලකායේ කැප්ටන් කෙනෙක්. සේවයේ නියුතුව ඉන්න ඔහුට හදිසියේම ඇමතුමක් එනවා වසර හතරකට පෙර ඔහුගේ පෙම්වතිය වෙලා හිටපු නේහා (දීශා) කියන තරුණියගෙන්. ඇමතුමෙන් කියවෙන්නේ ඇයට රොනීව ඉක්මනින්ම හමු විය යුතු බව. ඇය රොනීගෙන් වෙන් වී ගත වුනු වසර හතරටම ලබා දුන් පළමු දුරකථන ඇමතුම නිසාම යම් තැති ගැන්වීමක් ඇති වෙන රොනී ඉක්මනින්ම නිවාඩු ලබාගෙන යනවා ඇයව මුණගැහෙන්න.

    නේහාව මුණගැහෙන්න යන රොනීට දකින්නට ලැබෙන්නේ වසර හතරකට පෙර ඉඳපු දඟකාර නේහා නම් නෙවෙයි. යම් පහරකෑමට ලක් වෙලා මූණ තුවාල කරගෙන මානසිකවත් බොහොම පහළට ඇදවැටුණු අසරණ තරුණියක්. එතනදි රොනීට දැනගන්න ලැබෙනවා නේහා ශේකර් නම් තරුණයෙකු සමග විවාහ වී ඇති බවත් ඔවුන්ට දාව රියා නම් දියණියක් සිටි බවත්. නමුත් මේ වෙද්දි නේහාගේ පුංචි දියණිය රියා ඔවුන් සමගින් නැහැ. නන්නාඳුනන පිරිසක් විසින් රියාව මහමඟදී පැහැ‍රගෙන ගිහින්. ඉතින් තමන්ගේ පුංචි දියණිය රියාව හොයා ගන්න නේහා පිහිට පතන්නේ රොනීගෙන්. නේහාගේ දියණියව හොයා ගන්න දරණ ප්‍රයත්නයේදී රොනී නොහිතපු විදියේ ලොකු අවුල් ජාලාවක පැටලෙනවා. නැරඹන ඔබත් ඒ අවුලටම පත්වේවි කියන එක නම් විශ්වාසයි. ඉතින් අවුල ලෙහා ගන්න නම් චිත්‍රපටයේ අවසානය දක්වා නරඹන්න වෙනවා.

    එහෙනම් තවත් චිත්‍රපටයකින් ඉක්මනින්ම නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඔබට සුභ දවසක්.

    Baaghi (2016) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Baaghi 2 (2018) සිංහල උපසිරැසි” Baaghi.2.(2018).Sinhala.Subtitle.rar – Downloaded 2693 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram