spot_img

Bhavesh Joshi Superhero (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉන්දියාවට සුපර් හිරෝ චිත්‍ර‍පටි අරුමයක් නෙමෙයි… නමුත් අද මේ අරන් ආවේ චිත්‍ර‍පටියේ සූපර් හිරෝ නම් අපි එදිනෙදා දකින ඉංග්‍රිසි ෆිල්ම් වල හෝ හින්දි ෆිල්ම් වල වීරයන් වගේ නෙමෙයි… මේ සුපිරි වීරයාට කිසිම සුපිරි බලයක් නැහැ… ඔබ මම වගේම සමාන්‍ය කෙනෙක්… නමුත් මොහුගේ වෙනසක් තියනවා මොන ප්‍ර‍ශ්නය ආවාත් ඔහු ඒකට මුණ දෙනවා. කිසිම දේකට බය වෙන්නේ නැහැ. මොනම බාධකයක් ආවාත් ඔහුව නවත්වන්නත් බැහැ… ඔහු නවතිනවා නම් ඒ ඔහුගේ ජිවිතය කෙලවර විමෙන් පමණයි…. මේ වගේ සුපිරි වීරයෙක් තිරය මතට අරන් එන වඟකිම අරගන්නේ Vikramaditya Motwane විසින්… ඔහු ගැන කිව්වොත් Lootera,Trapped වගේ චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කලෙත් ඔහු.. ඒ විතරක් නෙමෙයි මැතකදි නිකුත් උන ගොඩක් අය ආසාවෙන් බලපු Sacred Games රුපවාහිනි කාතාමාලවේ අධ්‍යක්ෂණයටත් ඔහු දායක වෙනවා… ඉතින් මේ චිත්‍ර‍පටිය ගැන මං වැඩි විස්තර කියන්න උවමනා නැති වේවි….. ප්‍ර‍ධාන චරිත ලෙස Mirzya චිත්‍ර‍පටියෙන් සිනමාවට අවතීර්ණ වු Harshvardhan Kapoor රංඟනයෙන් දායක වෙනවා….. වීරයෙක් ඉන්නවා නම් දුෂ්ටයෙකුත් ඉන්න එපැයි නේ… මෙහි දුෂ්ටයාගේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ Nishikant Kamat විසින්. ඔහුවත් ඔබ හොදින්ම දන්නවා… Force,Drishyam,Rocky Handsome,Madaari වගේ චිත්‍ර‍පටි සියල්ල අධ්‍යක්ෂණය කලේ ඔහු… තමන්ගේම චිත්‍ර‍පටියක් වන Rocky Handsome තුලින් දුෂ්ටයාගේ චරිතයට අවතීර්ණ වු ඔහුත් ඉදිරි කාලයේ අපිට හින්දි සිනමාවේ දුෂ්ටයාගේ චරිත වලින්ම දකින්න ලැබෙන්නත් පුලුවන්… චිත්‍ර‍පටියේ කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්..

සිකු…බාවේෂ් හා රාජත් මේ යාළුවෝ තුන්දෙනෙක්.. රාජත්ගේ ආශාවක් තියනවා ඒ සුපිරි විරයෙකුගේ නවකතාවක් ලියන්න..නමුත් මේකට යාළුවෝ දෙන්නාගෙන් නම් ලැබෙන්නේ හොද ප්‍ර‍තිචාර නෙමෙයි…හැබැයි මේ පොතේ අදහස නිසාම බාවේෂ්ට අදහසක් එනවා… ඒ නඟරයේ වෙන අසාධාරණයට විරුද්ධව යුටියුබ් නාලිකාවක් වගේම එවාට විරුද්ධ වෙන්න පොඩි වැඩක් කරන්න. මේකට තමන්ගේ හොදම යාළුවා සිකුගෙත් උදව්ව ලැබෙනවා. නමුත් බාවේෂ් ලොකු අවධානමක් ගන්නේ නඟරයේ වතුර නලවලින් සිදුවන ජවාරමක් සොයන්න ගිහින්… එතැනින් එහාට තමයි කතාව නොහිතනම පැත්තකට වෙනස් වෙන්නේ…. ඔබ හොලිවුඩ් චිත්‍ර‍පටි රසිකයෙක් නම් මං මේ චිත්‍ර‍පටිය ඉහලින්ම නිර්දේශ කරනවා. මොකද හොලිවුඩ් චිත්‍ර‍පටියක ආශ්වාදය මේ චිත්‍ර‍පටියෙන් ගන්න පුලුවන් නිසා. ඇක්ෂන් චිත්‍ර‍පටියක් උනාට අර ගැහුවාම දහයක් පහලොවක් විසිවෙලා යන දර්ශන නම් මේ චිත්‍ර‍පටියේ නැහැ… හොද සිනමා නිර්මාණයක් රසවිදින්න කැමැති නම් බාවේෂ් ජෝෂි සුපර් හිරේ ඔබට නියම විසදුමක් වේවි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram