More

    Birbal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Birbal Trilogy (2019) කන්නඩ භාෂාවෙන් නිර්මාණය උන Crime, Thriller වර්ගීකරණයට අයත් වෙන සුපිරි චිත්‍රපටියක්. ෆිල්ම් එක ගැන කියනවා නම්, මේ ෆිල්ම් එකට IMDb 8.1 වගේ ඉතාමත් ඉහළ අගයක් ලැබිලා තියෙනවා . ඒකෙන්ම ඔයාලට හිතාගන්න පුලුවන්නේ මේක කොච්චර හොඳ ෆිල්ම් එකක්ද කියලා. කොටස් තුනකින් සමන්විත වන චිත්‍රපටි මාලාවක පළවෙනි දිගහැරුම තමා මේ Birbal Trilogy – Case No. 1: Finding Vajramuni කියන චිත්‍රපටිය. MG Srinivas, Rukmini Vasanth, Sujay Shastry, Vineeth Kumar යන නලු නිළියන් මේ චිත්‍රපටියට ප්‍රධාන චරිත වලින් දායක වෙනවා. මේක අධ්යක්ෂණය කරලා තියෙන්නෙත් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන MG Srinivas ම තමයි.

    ෆිල්ම් එක ගැනත් මං චුට්ටක් කියන්නම්. කතාව පටන් ගන්නේ කැබ් රථ රියදුරෙක්ව ඝාතනය කරන සිදූවීමකින්. ඒ වෙලාවේ එතනින් යන විෂ්ණු මේක දැකලා මේ ගැන පොලිසියට දැනුම් දෙනවා. හැබැයි අන්තිමට විෂ්ණුව තමා මේ මිනීමරුමට අහු වෙන්නේ. අවුරුදු 8 පස්සේ මේ විෂ්ණු අහිංසකයි කියලා දැනගන්න මහේෂ් නැමැති තරුණ නීතිඥයෙක් මේ නඩුව නැවත විභාග කරනවා. ඇත්තටම එදා මිනීමැරුම කවුද කළේ, ඇත්තම මිනීමැරුවා විෂ්ණුද, එදා ඇත්තටම මොකද්ද උනේ, මේ හැම ප්‍රශ්නෙකටම උත්තර දැනගන්න නම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. අන්තිමටම ඔයාලා හිතපු නැති විදිහෙ දෙයක් සිද්ද වෙයි. වගකීමකින් කියන්නේ , ඔයාලා ගත කරන පැය දෙකට උපරිම සාධාරණයක් වෙයි. පටන් ගත්ත වෙලාවේ ඉඳන් එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් සුපිරි ෆිලුමක්. ගෙදරට වෙලා කම්මැලි කමේ ඉන්න හැමෝටම විශේෂයෙන් Thriller ෆිල්ම් බලන්න ආස කෙනෙක් නම් අනිවාරෙන්ම මේ ෆිල්ම් එකත් අරගෙන බලන්න.

    කියන්න බැරි උනා. මේක තමා මගේ පළවෙනි උපසිරැසිය. ඒ නිසා, වැරදි අඩු පාඩු එහෙම තිබ්බොත් මුකුත් හිතන්න එපා. පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඒ ගැන අහලා බලලා උදව් කරපු ලහිරු උදයංග සහෝදරයටත් ගොඩක් ස්තුති කරනවා. අදහස් උදහස් තියෙනවා නම් කියාගෙන ගියාට කිසිම අහිතක් නෑ. එහෙනම් මම ගියා, ගෙවල් වලටම වෙලා පරිස්සමට ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. හැමෝටම ජය වේවා!

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Birbal-2019-sinhala.subtitle.rar – Downloaded 414 times – 63 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු මධුසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram