More

    BlackBerry (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    BlackBerry (2023) Sinhala Subtitle

    “දන්නවද මිනිත්තු විකුණන එකේ ප්‍රශ්නය මොකක්ද කියලා?”

    “මිනිත්තුවකට තියෙන්නෙ, එක මිනිත්තුවක් විතරයි”

    අද අලුත් Zoom.lk පිටුවකින් මම අරන් ආවෙ තාක්ෂණයේ ඉතිහාසය හා සම්බන්ධ කතාවක්. මේ තමයි ලෝකෙ පළමුවෙනිම සුහුරු දුරකථනය, හෙවත් ස්මාට් ෆෝන් එක. සමහරු දන්න විදිහට නම් ඇපල් අයිෆෝන් එක තමයි ස්මාට්ෆෝන් එකක් කියලා හඳුන්වන්න පුළුවන් පළවෙනිම නිපැයුම. නමුත් මූලිකවම, දුරකථනයකුත් ක්ෂුද්‍ර පරිගණකයකුත් තනි ඒකකයකට ඇතුළත් කිරීමේ ලොව පළමු ක්‍රියාන්විතය ඇරඹෙන්නේ, කැනඩාවේ පංච මහා විල්වලින් එකකට හිමිකම් කියන ඔන්ටේරියෝ ප්‍රාන්තයේ වෝටර්ලූ නගරයේ රිසර්ච් ඉන් මෝෂන් (RIM) කියන පුංචි පහේ සමාගම් මූලස්ථානයෙන්.

    පාසල් වයසේ ඉඳන් හොඳම ගජයො දෙන්නෙක් විදිහට ඉදිරියට එන මයික් ලැසාරිඩීස් කියන මොළකාරයාත්, ඩග්ලස් ෆ්‍රෙජින් කියන දඟකාරයාත් එකමුතු වෙලයි මේ RIM සමාගමට අතපොත් තියලා තියෙන්නෙ. සන්නිවේදන ක්ෂේත්‍රයට අදාළවෙන කේබල් මොඩම්, ස්ථාවර දුරකථන උපාංග වගේ දේවල් එකලස් කරමින් දැහැමෙන් සෙමෙන් කරබාගෙන වගේ මෙයාලා යන ගමනෙදි මයික්ගේ හිතේ ඇඳෙනවා විද්‍යුත් තැපැල් හුවමාරුවට යෝග්‍ය වෙන ජංගම දුරකථනයක් ගැන සිතුවමක්. ඉතින් මේ අදහසේ ඉදිරිපත් කිරීමක් (pitch) කරන්න අපේ මේ ප්‍රධාන චරිත ද්විත්වය ටර්න්බුල් සිටි වල සදර්ලන්ඩ් ෂල්ට්ස් (SS) සමාගමට ලහි ලහියේ දුවගෙන එනවා. සදර්ලන්ඩ් සමාගමෙන් මේක මොකක්ද තියලා සාකච්ඡා කරන්න පෙනී හිටපු එවකට එහි ප්‍රධාන මූල්‍ය කළමනාකරු ජිම් බෝල්ස්ලි, එදා තමන් තමන්ගෙ ජීවිතේටම දැකපු අසාර්ථකම ඉදිරිපත් කිරීම ගැන මැදහත් හිතින් අවසානයේ එළියට යනවා. කොහොම නමුත් කාලයාගේ ඇවෑමෙන් කොයි දේත් වගේ උඩු යටිකුරු වෙනවා.

    මෙම සිනමා කෘතියට පාදක වෙන්නේ Jacquie McNish සහ Sean Silcoff’s රචනා කළ Losing the Signal: The Untold Story Behind the Extraordinary Rise and Spectacular Fall of BlackBerry ග්‍රන්ථයයි. කොහොම වුණත් ජිම් බෝල්ස්ලිගේ පමණට වඩා කිපෙනසුලු කමත්, මයික්ගේ දැඩි සබකෝලයත්, ඩග් ගේ පුදුම එළවනසුලු කෙළිලොල් කමත් බ්ලැක්බෙරි ආයතනයේ ගති සොබාව ගැන අදහසක් දරන බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන්වුණු බවත් සඳහන් කළ යුතුයි. කොහොම නමුත්, Biography සහ Comedy ශානර යටතේ වර්ග කෙරෙන Blackberry, අන්තර්ගත බස් වහර හේතුවෙන්ම R ගණයේ ලා සැලකෙනවා. How To Train Your Dragon හි හිකප් චරිතයට හඬ දායකත්වය ලබාදුන් Jay Baruchel මයික් ලැසාරිඩීස් චරිතයටත්, චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිදුකරන Matt Johnson ඩග්ලස් චරිතයටත්, ජිම් බෝල්ස්ලිගේ චරිතයට Glenn Howarton, සෙසු චරිත සඳහා Michael Ironside, Michelle Giroux, Rich Sommer, Cary Elwes, Mark Critch, Sung Won Cho ආදී වශයෙන් වූ නැවුම් නළුනිළි කැළකගේ දායකත්වයෙන් වර්ණවත් වෙන මේ සලරුව නිකුත්වෙන්නේ මේ අවුරුද්දේ මැයි 12 වෙනිදා. Fraser Ash, Niv Frichman, Kevin Krikst නිෂ්පාදනයෙනුත්, Matthew Miller තිර රචනයෙනුත් දායකවෙන Blackberry, TELEFILM Canada, Rhombus Media සහ IFCfilms දොරට වැඩුමක්. මේ ලිපිය ලියන මොහොතේ දී IMDb දර්ශකයේ ලකුණු 7.4ක මධ්‍යන්‍ය ලකුණක් තමයි මෙම චිත්‍රපටය පෙන්නුම් කළේ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “BlackBerry (2023) සිංහල උපසිරැසි” BlackBerry.(2023).Sinhala.Subtitle.rar – Downloaded 619 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දුවිඳු තරින්ද පෙරේරා

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි තරින්ද ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram