spot_img

Chopsticks (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අලුත් වසර ආරම්භ වෙද්දි ඔයාලාට චිත්‍ර‍පටියක් අරන් එන්න හිතුවා. මේක උපසිරැසි කරලා නොතිබුන නිසාත් ඔබ මේක නරඔන්න වටින නිර්මාණයක් කියා සිතුන නිසාත් මේ චිත්‍ර‍පටියට උපසිරැසි ගන්වලා අරන් ආවා. මොන තරම් චිත්‍ර‍පටි තිබුනාත් සිංහල උපසිරැසි තිබුනොත් තමයි බහුතරය නරඔන්නේ කියලා අපි දන්නවා. ඉතින් මේක ඔයාලා වෙනුවෙන් අරන් එන්න හිතුවා.

ඉන්දියාවේ වැඩිම දෙනා ජිවත් වන කලබලකාරි මුම්බායි නගරයට දුර ප්‍රදේශයකින් පැමිණ තනියම වාසය කරමින් රැකියාවක් කරන තරුණියක් වටා පෙල ගැන මේ කතාව හාස්යමය ස්වරූපයක් එක්ක ඉන්දියානු සමාජයේ යථාර්තයත් පෙන්වන්න උත්සහා කරන බ්ලැක් කොමඩි චිත්‍ර‍පටියක්.. Abhay Deol , Mithila Palkar සහ Vijay Raaz මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා… බ්ලැක් කොමඩි චිත්‍ර‍පටිවලට Vijay Raaz ගේ රංගනයන් ලැබෙන සහාය ගැන අමතුවෙන් කියන්න ඕනි නැහැ, ඔබ මැත කාලිනව ආව ඉන්දියානු චිත්‍ර‍පටි නැරබුවානම්.. Mithila Palkar ව නම් ඔබට මතක ඇති. යු ටියුබ් විඩියෝ වලින් ආරම්භය තැබු ඇය මිට පෙර රංගනයේ යෙදුනු Karwaan චිත්‍ර‍පටියත් අපි කලින් ලබා දි තිබෙනවා. මෙහි අධ්‍යක්ෂණය Sachin Yardi ගෙනි.

කතාව ගැන කිව්වොත් එහෙම නිර්මා කියන්නේ අහිංසක යුවතියක්. කොහොම හරි ඇය තමන්ගේ මහන්සියෙන් පුංචි වාහනයක් මිලදි ගන්නවා. වාහනේ ගත්ත ගමන් ඇය අම්මාට කොල් කරාම ඇය කියනවා දේවාලයට ගිහින් බාරයක් එහෙම වෙන්න කියලා. ඉතින් දේවාලයට බාර වෙන්න ගිහින් එද්දි ඇය ගත්ත අලුත්ම වාහනේ හොරෙක් උස්සනවා. ඇය පොලිසියට යනවා උපකාරපතා නමුත් ඔවුන්ගෙනුත් යහපත් ප්‍ර‍තිචාරයක් නම් හම්බවෙන්නේ නැහැ. මෙතැනදි පොලිසියේ ඉදපු පුද්ගලයෙක් ඇයට දුරකථන අංකයක් දෙනවා. ඒ දෙන්නේ ඒ පලාතේ ඉන්න හොරෙක්ගේ නම්බරයක්.. ඔහු විසින් ඇයට උදව් කරාවි කියලා මේ පුද්ගලයා කියනවා. ඉතින් හිතට ගැම්ම අරන් නිර්මා යනවා මේ පුද්ගලයාව හම්බවෙන්න. ඉතින් මේ පුංචි කෙල්ලගේ කාර් එක නැවත ඇයට හොයාගන්න ලැබේවිද නැත්නම් මේ පුද්ගලයාත් ඇයව රවටාවිද? මිනිත්තු 100 හිනා වෙවී ආසාවෙන් බලන්න පුලුවන් මේ චිත්‍ර‍පටිය නරඔන්න ඔබට ආරාධනා කරනවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. —wish you Happy new year—!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram