spot_img

Clifford the Big Red Dog (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Clifford the Big Red Dog (2021) ගිය අවුරුද්දේ තිරගත වෙච්ච තවත් ලස්සන ළමා චිත්‍රපටියක්. එක දිගටම ළමා චිත්‍රපටිම කරපු නිසා, මේකත් පරිවර්තනය කරන්න හිතුවේ. මේ නමින්ම රූපවාහිණි කතා මාලාවකුත් තියෙනවා. මේ තියෙන්නේ ඒකට සමගාමීව හදපු චිත්‍රපටියේ උපසිරැසි. ටිකක් වෙනස් විදියේ කතාවක් නිසාමදෝ, ප්‍රේක්ෂක ප්‍රතිචාර ටිකක් වැඩිපුර ලැබිලා තියෙනවා. මේ ලිපිය ලියන වෙලාවේ IMDB 6/10, RottenTomatoes 57%, Google Users 80% මේකට මනාපය පල කරලා තිබ්බා.

Norman Bridwell නවකතාකරුගේ කතාමාලාවක් තමයි මේකේ චරිත වලට පාදක කරගෙන තියෙන්නේ. ඒකට කරපු ගෞරවයක් විදියට, මේ කතාවේ එන එක ඉන්ද්‍රජාලිකයෙකුගේ නම විදියට යොදාගෙන තියෙන්නේ බර්ඩ්වෙල් මහතා ලෙස. Walt Becker විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කතාව ලිව්වේ Jay Scherick, David Ronn සහ Blaise Hemingway විසින්. රඟපෑමෙන් දායක වෙන පොඩි නිළිය, ඉතා දක්ෂ වගේම ජනප්‍රිය නිළියක්. ඇය මේ ලොකු බල්ලා සමඟ කරන රඟපෑම පහසු දෙයක් නොවෙන්නේ, ඒ බල්ලා ඇනිමේෂන් එකක් වීම නිසා. රඟපෑමෙන් දායක වෙනවා Darby Camp (එමිලි), Jack Whitehall (කේසි), Izaac Wang (ඕවන්), John Cleese (බර්ඩ්වෙල්) ඇතුළු පිරිසක්.

කතාව කෙටියෙන් කියන්නම්. එමිලි එලිසබෙත් කියන්නේ අළුතෙන් ශිෂ්‍යත්වයක ආධාරයෙන් ලොකු පෞද්ගලික පාසලකට එන ශිෂ්‍යයාවක්. ඒ නිසාම ඇයට නොයෙක් හිරිහැර සරදම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දවසක් ඇයට බර්ඩ්වෙල් මහතාගේ අසරණ සතුන්ට සරණ දෙන කූඩාරම හමුවෙනවා. එයින් ඇයට හමුවෙන්නේ කුඩා රතු පාට බල්ලෙක්. මේ කුඩා බල්ලා, එමිලිගේ සහ ඇය වටා සිටින හැමෝගේම ජීවිත වෙනස් කරන විදිය තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. ඉතිං, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න! ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram