More

    Congrats My Ex (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Congrats My Ex (2023) Sinhala Subtitle

     

    රීසා කියන්නේ තමන්ගේම විවාහ සැලසුම් ව්‍යාපාරයක් කරගෙන යන තරුණ, ලස්සන, කාර්යශූර කාන්තාවක්. මේ ව්‍යාපාරය එයා කරගෙන යන්නේ, එයාගේ ළඟින්ම ඉන්න යාළුවෝ ජෑන් සහ අඔ්ෆි එක්ක. එයාලාට ලැබෙනවා, ලොකු ගානක් හොයාගන්න අවස්ථාවක්. ඒක ඉන්දියානු විවාහයක් සැලසුම් කරලා, කළමණාකරනය කරලා දෙන්න. රීසා මේ වෙලාවේ ඉන්නේ, බංකොලොත් වෙන්න ඉතා ආසන්නයේ. ඒ නිසා, ඇය කිසිම දෙයක් නොසිතා, ඒ වැඩේ බාරගන්නවා.

    හැමදේම අනිත් පැත්ත හැරෙන්නේ, මේ විවාහය කාගෙද කියලා දැනගත්තාම. ඒ රීසාගේ හිටපු පෙම්වතා. ඒ වගේම, දැනටත් හිතේ ඉන්න සිහින කුමාරයාගේ. ඒ අරුන්. එයාගේ අත ගන්න මොනිකා සූදානම් වෙලා. දැන්, රීසා කොහොමද එයාගේ හිටපු පෙම්වතාගේ විවාහය සැලසුම් කරන්නේ? මේක තමයි අද මම අරගෙන ආපු චිත්‍රපටියේ කතා සාරාංශය.

    ප්‍රහසනාත්මක චිත්‍රපටියක් තමයි මේ. මුල ඉඳලාම කම්මැලි නැතුව, මුවට නැගුණු සිනහව අයින් කරගන්නේ නැතුව බලන්න පුළුවන් සිනමා නිර්මාණයක්. තායිලන්තයේ සිද්ධ වෙන කතාවක් නිසා, වැඩිපුරම තායි භාෂාව තමයි තියෙන්නේ. ඒත්, අරුන් කියන්නේ ඉන්දියානු කොල්ලෙක්. ඒ නිසා, ඉංග්‍රීසි භාෂාවෙන් තමයි එයාලා කතා කරන්නේ. හැබැයි, ඒ අතරට හිංදි භාෂාවත් ඇතුල් වෙලා තියෙනවා. ඒ නිසා වෙනස් විදියේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් චිත්‍රපටියක් මේක.

    Prueksa Amaruji විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය, ඔහුගේම කතා සංකල්පයක් අනුව ලියැවුණු එකක්. Benetone Films විසින් ලොව පුරා බෙදාහැරීමේ කටයුතු කරලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා, Ranee Campen (රීසා), Vachirawit Chivaaree (ටිම්), Mahir Pandhi (අරුන්), Anahita Bhooshan (මොනිකා), Fern-Passakorn Ponlaboon (ජෑන්) ඇතුළු පිරිසක්.

    ලස්සන වටපිටාවක්, චරිත ටිකක්, භාෂාවක්, තේමාවක් එක්ක චිත්‍රපටිය නරඹන්න ඔයාලාත් එන්න. මේ සිංහල උපසිරැසිය ඒකට උපකාරයක් වේවි කියලා හිතනවා. එහෙනම්, හැමෝම සිංහලෙන් රසවිඳින්න! හැමදාම කියනවා වගේ, අපේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක, ගල් මල් අපිට කියන්න. ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ටැමිල් එම් වි එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Congrats My Ex (2023) සිංහල උපසිරැසි” Congrats.My.Ex.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1120 times – 827 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram