today-is-a-good-day
More

    Courier Boy Kalyan (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අදත් සුදුරුදු විදියටම මේ ගොඩ වෙන්නෙ තවත් “ඩික්ටේශන් ටිකක් අරගෙනයි” ඒ කිව්වෙ අසා ලිවීමක්..ටයිම් ලයින් එක ලහිරු අයියගෙ..මේක එයා මීට මාස ගාණකට උඩදි ගහගත්ත එකක්..ඒත් කරන්න වෙලාවක් නෑ කියලා මගෙන් එවන්නද කියලා මාස තුනකට විතර උඩදි ඇහුවා..මම ඇහුවා පිස්සුද කියලා..ඇයි යකූ..අකුරක් බැරි මගෙන් අහන්නේ..ඊට පස්සෙ මේ ලගදි දවසක ආයෙ ඇහුවා..අපරාදෙ එවන්නද කියලා..මාත් කිව්වා හා එවනොකො බලන්න කියලා. ඔන්න ඒ විදියට මාත් ගැහුවා..

    නමින් “Courier Boy Kalyan” කියන 2015 තිරගත වුණු Nithiin සහ අපේ ෆෙයර් & ලව්ලි ප්‍රින්සස් Yami Gautam තමයි ප්‍රධාන චරිත දෙක කරන්නේ..ඊට අමතරව Nassar,Brahmanandan,Satyam Rajesh කියන තෙළිගු සිනමාවේ නිතර දක්නට ලැබෙන නළු නිළි කැළක් තමයි රංගනයෙන් දායක වෙන්නේ..

    කතාව මෙහෙමයි,
    නිතින් තමයි මේකෙ කුරියර් කොල්ලා කල්‍යාන්..යමී අක්කා කාව්‍යා..කල්‍යාන් කියන්නෙ උපාධියත් මග නතර කරලා රස්සා හොය හොය කරක් ගහන කොල්ලෙක්.මෙයාගෙ මස්සිනායි යාළුවයි කුරියර් බෝයිලා,ඔහොම ඉන්න කොට මෙයාගෙ යාළුවගෙන් එක පාරට කෝල් එකක් එන්නේ, “බං මට හදිස්සියෙම උසාවියට යන්න වෙනවා, එකම එක කුරියර් එකක් තියෙනවා ගිනිහින් දියං කියලා” කල්‍යාන් ඉතිං අදිමදි කරලා අන්තිමට “හා” කියනවා..මොකද ඔය රස්සා වලට මූ කැමති නෑ…ඉතිං ඒ කුරියර් එක කාටද? අපේ කාව්‍යට..මූ කාව්‍යා දැක්ක වෙලේ ඉදලම පිස්සු හැදෙනවා..ඔන්න ඔහොම හිත ගිය තැණ මාළිගාව කියලා මූ අකැමැති රස්සාවටම බැදිලා කාව්‍යට කුරියර් අදින්න ගන්නවා..

    ඔහොම සමය ගෙවෙන කොට එක්තරා මාෆියාවක විනාශය සනිටුහන් වෙන කුරියර් එකක් කල්‍යාන් අතට පත්වෙනවා.එතන ඉදන් තමා කථාව ට්‍රැක් එකට වැටෙන්නෙ..ඉතිං මේ කුරියර් කවරෙ පස්සෙන් කට්ටියක් එන්න ගන්නවා..ඉතිං බලන්නකො මේ ජරා ජාවාරම මොකක්ද කියලා..වගේම කාව්‍යා කල්‍යාන්ට කැමති වෙන්නෙම නෑ..ඒකට මොනා වෙයිද කියලත්.

    ලස්සනම ලස්සන සිංදු ටිකක් නම් තියෙනවා ආයෙ ඈ…සුපුරුදු පරිදි මං ඇහුවෙත් නෑ ලහිරු අයියා සිංදු ටික ගහලා එව්වා..වගේම මාත් එකක් ගහලා ඇති බලන්නකො, හොදයිද කියලා..හතර වෙනි සිංදුව. ඒකෙ අඩු පාඩුවක් තිබ්බොත් සමා වෙන්න.

    යමී අක්කා මේකෙ, අලුත් ෆිල්ම් එක Ginny Weds Sunny (2020) එකට වඩා රුවයි..ඒකත් බලන්න හිනා වෙමින් සංවේදි වෙන්න..නිතින් නම් කිසිම වෙනසක් නෑ කටහඩේ ඉදන් රුව වෙනකම්ම Bheeshma (2020) වගේමයි. එහෙනම් ඉතිං මං ගියා කවුරුත් බලන්නකො මේ, IMDb අගය 5.4 සහිත Premsai විසින් තිර රචනය හා අධ්‍යක්ෂණ්‍ය සනිටුහන් කෙරූ.. Gautam Vasudev Memon සහ තවත් කිහිප දෙනෙකු අතින් නිෂ්පාදනය උණ මේ, “කුරියර් කොල්ලා කල්‍යාන්ගෙ” චිත්‍රපටිය.

    සැ.යු : අප ලබා දී ඇති පිටපතේ හින්දි සහ තෙළිගු ඕඩියෝ සහිත බැවින් නරඹන විට “තෙළිගු”
    ඕඩියෝ එකෙන් බලන්න..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Courier Boy Kalyan (2015) සිංහල උපසිරැසි” Courier.Boy.Kalyan.(2015).Sinhala.Subtitle.rar – Downloaded 3590 times – 49 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Nilush Angana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram