today-is-a-good-day
More

    Dark Spell (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Dark Spell (2021) Sinhala Subtitle

    අද මම zoom.lk වෙබ් අඩවියට ගොඩ වදින්නේ Dark Spell (2021) රුසියානු චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි. මේ චිත්‍රපටය IMDB අගය 4.6 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේ චිත්‍රපටය නිකුත් කරල තියෙන්නේ 2021 පෙබරවාරි 21 වෙනිදා. මේ චිත්‍රපටය Thriller/Supernatural/Fantasy/Drama ඝනයට තමයි අයත් වෙන්නේ. චිත්‍රපටය පැය 1 මිනිත්තු 32 ධාවන කාලයකින් යුක්ත වෙනවා. Svyatoslav Podgaevskiy නම් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂනයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටයට Yana Yenzhayeva, Konstantin Beloshapka , Sabina Akhmedova, Varvara Borodina, Iliya Ermolov යන රුසියානු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.

    අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. මේ චිත්‍රපටයේ කතා නායිකාව තමයි ෂෙන්යා.එයාට පුංචි දුවෙකුත් ඉන්නවා. එයා රැකියාව විදිහට කරන්නේ මංගල ඇඳුම් නිර්මාණය කිරීම. ඉතින් ඇයගේ පෙම්වතාගේ තමයි කිරිල්. හැබැයි මේ දෙන්නා අතර හොඳ සම්බන්ධතාවයක් නම් නෑ. දවසක් ෂෙන්යාට කිරිල් තව කාන්තාවන් සමඟ ඉදිද්දී අතටම අහුවෙනවා. කිරිල් ෂෙන්යාව අතහරින්න සූදානම් වුණාට ෂෙන්යා කැමති නෑ කිරිල්ට යන්න අරින්න. ඒක නිසා ෂෙන්යා තම පෙම්වතාගේ ආදරය කොහොම හරි ලබා ගන්න ඕන නිසා මායාකාරියක් ළඟට ගිහිල්ලා අඳුරු මායාවේ පිහිට පතනවා. ඒ කියන්නේ යක්ෂයා සමඟ ගිවිසුමක් ගහනවා. හැබැයි කොන්දේසි වලට එකඟව.ඉතින් මොනවද මේ කොන්දේසි . ඉතින් මේ අඳුරු මායාවේ පිහිටෙන් ඇයට තම පෙම්වතාගේ ආදරය ලබා ගන්න පුළුවන් වුණාද .ඒක ඇගේ ජීවිතයට කොහොම බලපායිද. ඒක දැන ගන්න ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා. ඉතින් චිත්‍රපටයේ අවසානය තෙක්ම කුතුහලය රඳවා ගන්න මේ සිනමා නිර්මාණය සමත් වෙනවා කියල කියන්න ඕන.

     ඇත්තම කිව්වොත් මේ රුසියානු සිනමාවේ අමුතුම රසයක් තියෙනවා . ඉතින් ඒ රසය විදින්න මේ චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරනවා.ඒ වගේම හොඳ දෘශ්‍ය ප්‍රයෝග චිත්‍රපටය තුළ දැක ගන්න පුළුවන් .එහෙනම් ගිහින් එන්නම් තවත් දවසක මේවගේ උපසිරැසියක් අරන්. ජයවේවා !

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Dark Spell (2021) සිංහල උපසිරැසි” Dark.Spell.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1582 times – 17 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    මාවන් ගීතාංජන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි මාවන් සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram