spot_img

Downrange (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් තමයි මෙවර අරන් ආවේ… අරන් එන්න හේතුවක් උනේ මේකත් සැහෙන ප්‍ර‍චන්ඩකාරි දර්ශන තියන චිත්‍ර‍පටියක් නිසා. හරියට රොන්ග් ටර්න් වගේ. . මං නම් ඉංග්‍රිසි ෆිල්ම් වල ටිකක් බලන්න කැමැතිම මේ වගේ චිත්‍ර‍පටි තමයි . මොකද ඉංග්‍රිසි චිත්‍ර‍පටි වල විතරයි මේ වගේ දේවල් දකින්න පුලුවන්. චිත්‍ර‍පටියේ රඟපාන නළුනිලියෝ නම් සේරම අලුත් අය. ඒ නිසාම ඉතින් කතාවත් ඇත්තම වගේ රසවිදින්න පුලුවන්… කතාව ගැන කෙටියෙන් කියන්නම් යාළුවෝ කිප දෙනෙක් ට්‍රිප් එකක් ගිහින් නැවතත් ගෙවල් වලට බලා එද්දි එක පාරටම ටයර් එකේ පන්චර් එකක් වෙනවා. ඉතින් වාහනේ නවත්තලා මේ අය රෝදය මාරු කරන්න ගන්නවා. මේ සිදුවිම වෙන්නෙත් ටිකක් පාළු ප්‍රදේශයක් හරියේ. ටයර් එක මාරු කරද්දි තමයි කෙනෙක් දකින්නේ කලින් රෝදය පන්චර් වෙලා තියෙන්නේ උණ්ඩයක් වැදිම නිසා කියලා. මේක ඔහු අනික් කට්ටියට කියන්න යනවාත් එක්කම හැංඟිලා ඉන්න ස්නයිපර්කරුවෙක් ක්‍රියාත්මක වෙලා ඔහුගේ ඔළුව හිල්වෙන්නම තියනවා. මෙහෙම ඔහු එකින් එක… එකින් එක කෙනා දඩයම් කරන්න පටන් ගන්නවා. කට්ටිය හැමෝම වාහනේ පිටිපස්සේ හැංගෙනවා… නමුත් කොච්චර වෙලා මෙහෙම හැංඟිලා ඉන්නද පොඩ්ඩක් හරි එලියට එනවා දැක්කොත් ස්නයිපර්කරුවා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ස්නයිපර්කරු ගෙන් ජිවිතේ බේරගෙන මේ කට්ටියට ගැලවෙන්න පුලුවන් වේවිද? නැතිනම් අවසානය කොහොම වේවිද කියලා දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය අරන් තමයි. අර මං කලින් කිව්වා වගේ සැහෙන ප්‍ර‍චන්ඩකාරි ලේ වැඟිරිම් දර්ශන නම් බොහොමයි ඉතින් ඒ වගේ කතා ප්‍රියකරන අය විතරක් නරඔන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram