More

    Fighting with my Family (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අවුරුදු බර ගාණක් තිස්සෙම පිස්සුවෙන් වගේ බලපු, පස්සෙ කාලෙකදි අතෑරපු නමුත් මාසෙකට සැරයක් පැවැත්වෙන බිග් ඉවෙන්ට් එක පැත්තට තාමත් ඔලුව දාන WWE ගැන ආයෙම සැරයක් ලොකු ආදරයක් ආසාවක් ඇති කරවන්නට සමත් වෙච්ච චිත්‍රපටයක්. ‘The Wrestler’ කියන legendary චිත්‍රපටය තරමටම රසවිඳි චිත්‍රපටයක්. සැබෑ කතන්දර අනුසාරයෙන් මෑතකදී නැරඹූ ආකර්ශනීය චිත්‍රපටයක්. The Wrestler තරමටම දැවැන්ත නොවුනත් කතන්දරයෙන් සමාජගත කරන පණිවිඩය නම් එකක්. එතැනදී කියවෙන්නේ සුප්‍රසිද්ධ Wrestling ක්‍රීඩකයෙකුගේ දිවිය තුළදී ඔහුට විඳින්නට වෙන අනේක අරගලකාරී දිවි පෙවෙතක් ගැන. අප දන්නා Wrestling ක්‍රීඩාව ගැන අප නොදන්නා පැතිකඩක් ලොවට නිරාවරණය කරලීමක් නිසාම ලොව හොඳම චිත්‍රපට අතරට ඉහළින්ම එක් වන්නක්. Fighting With My Family තුළින් කියවෙන්නේ පුංචිම කාලෙ ඉඳන්ම දැකපු එකම හීනය හෙවත් දැවැන්ත WWE වළල්ලේ සුපිරි ක්‍රීඩිකාවක් වීමේ සිහිනය සැබෑ කරගන්නට උත්සහ දරන වීරියවන්ත කෙල්ලෙක් ගැන. වයස අවුරුදු 13 දීම Wrestling ක්‍රීඩාවට අවතීර්ණ වූ ඇය ඒ ඔස්සේ කරන ලද අනන්තවත් වූ කැප කිරීම් නිසාවෙන්ම වයස අවුරුදු 21 දී Wrestling ඉතිහාසයේ කඩ ඉමක් සටහන් කරන්නේ “ලාබාලතම WWE Divas Champion” වාර්තාව පිහිටුවමින්. Wrestling කියන දේ කොහොමත් ඇයගේ ලේ උරුමයක්. එංගලන්තයේ නෝෆෝක් හි නමගිය Wrestling තරු යුගලයක් වන මවකට සහ පියෙකුට දාව උපදින නිසාත්, කුඩා කල දීම තමන්ගෙ සහෝදරයා එක්කම Wrestling ක්‍රීඩාවේ සියලුම අලගිය මුලගිය තැන් එක්කම පුරුදු පුහුණු වන නිසාත් WWE හීනය සැබෑ කරගන්නටත් සහෝදරයා එක්ක කරටකර කැපවෙන නිසාත් Saraya ට හැකි වෙනවා පසු කාලීනව දීප්තිමත්ම WWE DIVA කෙනෙක් බවට පත්වෙන්නට. කොහොමත් අහම්බයකින් ඇය මුලින්ම Wrestling ක්‍රීඩාවෙහි නිරත වී තිබෙන්නෙ ඇය ඉපදෙන්නටත් කලින්. සත් මසක ගැබිණියක්ව සිටියදීත් ඇගේ මව ඇය කුස දරාගෙනම Wrestling වළල්ලේ සටන් කර තිබෙනවා. Fighting With My Family කියන නමට අනුකූලවම චිත්‍රපටය පුරාවටම දකින්නට ලැබෙන්නේ Saraya ගේ ජීවන චාරිකාව ඔස්සේම ඇගේ පවුලත් සමඟ තිබුන සංවේදී බැඳීම ගැනයි. එක් පැත්තකින් ආදරණීය පවුලේ කතන්දරයක් සහ තවත් පැත්තකින් Inspiring සැබෑම සංසිද්ධියක්. සාමාන්‍යයෙන් කතා බහට ලක්වෙන මතයක් තමයි Wrestling ක්‍රීඩාව ව්‍යාජ එකක්, ක්‍රීඩකයන් සිදු කරන්නේ ව්‍යාජ රංගනයක්, මෙවන් ව්‍යාජ දේකට මොකටද මෙතරම් වටිනාකමක් කියන එක. ඔය මතයට මුලින්ම අතුල් පහරක් එල්ල කලේ The Wrestler චිත්‍රපටයෙන්. Fighting With My Family තුළිනුත් පුන පුනා පැවසෙන්නේ Wrestling ක්‍රීඩාව ලොව සුපතළ වන්නට සහ බොහෝමයකගේ සිහිනයක් බවට පත්වන්නට තරම් මහා ආකර්ශනීයත්වයක් ඊට හිමිවෙන්නේ කොහොමද කියන එක ගැනයි. ඒ වගේම “Paige” වගේ unique wrestling තාරකාවක් ලොවට බිහිවීම පිටුපස තිබෙන හැඟීම්බර, සංවේදී, වීරියවන්ත කතන්දරයට සමාන වූ තවත් සැබෑ කතන්දර රැසකගෙන් WWE යුනිවර්සය සෑදී ඇති කියන හැඟීමත් මින් ජනිත කරවනවා.

    Paige නම් වූ ඇය පසු කාලීනව ලොව පුරාම කතාබහට ලක්වෙන්නේ ඇගේ දිවියට එක් වූ කළු පැල්ලමක් නිසාවෙන් වුවත් අති සාර්ථක WWE DIVA කෙනෙක් විදිහට Wrestling ක්‍රීඩාවට ලබා දුන් ආලෝකයේ මුල්ම පියවරයන් දෙස නැවත හැරිල බලන එක ඇත්තටම හරිම ආදරණීය අත්දැකීමක්. Florence Pugh ගේ රංගනය විසින් සියල්ල සර්වසම්පූර්ණයෙන්ම සිදු කරලා තිබුනා. ඒ වගේමයි Fighting With My Family කියන දේට විශිෂ්ටතම සාධාරණයක් පවුල වෙනුවෙන් වූ සහාය රංගනයෙන් උපරිමයෙන්ම හැඩ ගැන්වී තිබුනා. නරඹන්නට වටිනා චිත්‍රපටයක් විදිහට ඉහළින්ම නිර්දේශ කළ හැකියි.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Fighting.With.My.Family.2019.Sinhala.Subtitle.rar – Downloaded 387 times – 50 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram