spot_img

Golmaal Again (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

බොහෝදෙනා බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍ර‍පටියක් තමයි ගොල්මාල් චිත්‍ර‍පටිමාලාවේ සිව්වැන්න එනම්.. Golmaal Again කියන්නේ. කට්ටිය බලාපොරොත්තු තියාගෙන හිටපු විදියටම ඉතාමත් හොද චිත්‍ර‍පටියක් රොහිත් ෂෙට්ටි විසින් ලබාදුන්නා. කොහොමත් රොහිත් ෂෙට්ටිගේ ආරම්භයේ මතක හිටින සලකුණ වෙන්නෙත් ගොල්මාල් චිත්‍ර‍පටි මාලාවම තමයි… මෙවරත් කලින් චිත්‍ර‍පටි වල චරිත සේරම ඒ විදියටම ඉන්නවා. ප්‍ර‍ධාන කාන්තා චරිතය විතරක් වෙනස් වෙලා තියනවා. ඒකත් චිත්‍ර‍පටියේ කතාවට උවමනා නිසාම විතරයි. මෙවරත් මේ චිත්‍ර‍පටියේ දෙබස් ලියන්නේ Sajid හා Farhad දෙපල විසින්. හින්දි කොමඩි පැත්තට බර ෆිල්ම් වලින් 90%ක්ම රචනා වෙන්නේ මේ අයගේ අතින් තමයි. Dilwale.. Housefull චිත්‍ර‍පටි මලාව..Judwaa 2.. Entertainment මේ චිත්‍ර‍පටි හැම එකක්ම රචනා වෙන්නේ ඔවුන් අතින්. ඉන්දියාවෙත් කොමඩි රැල්ලට යන චිත්‍ර‍පටි දෙවර්ගයක් තියනවා. එකක් මේ විදියේ පවුලේ සැමට බලන්න පුලුවන් එවා. අනික් චිත්‍ර‍පටි දෙපිට කැපෙන කතා තියන කොමඩි චිත්‍ර‍පටි. මේ චිත්‍ර‍පටිය වැටෙන්නේ පවුලේ සැමට නරඔන්න පුලුවන් චිත්‍ර‍පටි ඝනයට තමයි.

කතාව ගැන කිව්වොත් ගෝපාල්,ලක්ෂ්මන්,මා ධව්,ලකි හා ලක්ෂ්මන්…මේ පස්දෙනා පොඩි කාලේ ඉදන් ඇතිදැඩි වෙන්නේ අනාථ ආශ්‍ර‍මයක. පොඩි කාලේ ඉදන්ම මේ කට්ටිය අනික් ළමයින්ට වඩා දඩබ්බරයි. මේ නිසා දිනක් මේ ආශ්‍ර‍මය කරන් යන ජමුනාදාස් මහත්මයා මොවුන්ට තරවටු කරනවා. මේ නිසා මේ පස්දෙනාම ආනාථ ආශ්‍ර‍මය අතහැරලා දාලා යනවා. කාලය ගෙවි යනවා… කොහොම හරි මේ පස්දෙනාට ආරංචි වෙනවා ඔවුන් පොඩි කාලේ ඉදන් උස්මහත් වුන ආශ්‍ර‍මයේ ජමුනාදාස් මහත්මයා මිය ගිහින් කියලා. මේ නිසා මේ පස්දෙනාම යනවා මේ පුද්ගලයාට අවසන් ගෞරව දක්වන්න. නමුත් මේ පස්දෙනාම දැනන ඉන්නේ නැහැ මේ ගමන මේ අයගේ ජිවිත ලොකු පටලැවිල්ලකට අරන් යාවි කියලා. ඒ පටලැවිල්ල මොකක්ද කියලා ඉතින් චිත්‍ර‍පටිය අරන්ම බලන්න. තඩි සයිස් ලිපි ලිව්වාට එවා කියවන්නේ නැහැ කියලා දන්නවා. ඒ නිසාම තමයි කෙටියෙන් කිව්වේ. එහෙනම් අරන් බලන්න… තව චිත්‍ර‍පටියකින් ටක් ගාලා හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram