spot_img

Hello Charlie (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ටික දවසකට පස්සේ ඔයාලව හම්බවෙන්න ආවේ ටිකක් හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් අරගෙන..මේ දවස් වල ගොඩක් දෙනා ගෙදරට වෙලා ඉන්න වෙලාවේ ටිකක් හිනාවෙලා හිත සැහැල්ලු කරගන්න තිබ්බොත් හොදයිනේ ටික..එහෙනම් ඉතින් ලෑස්තිවෙන්න ටිකක් හිනාවෙන්න..අද ඔයාලට අරගෙන එන ෆිල්ම් එක තමයි Hello Charlie,මේ චිත්‍රපටියේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා දැන් පොඩි දවසක් වෙනවා,,ඉතින් අද ඉදන් ඔයාලට සිංහල උපැසිරැසි එක්කම බලන්න පුලුවන් මේක,ඔයාල කවුරුත් දන්න Jackie Shroff එක්ක Aadar Jain,Shhloka,Elnaaz Norouzi  තමයි මෙහි රංගනයෙන් දායක වෙන්නෙ…ඉතින් කතාව ගැන ටික්ක කියන්නම්කෝ..

චිරාග් රස්තෝගී එහෙම නැත්නම් චාර්ලි කියන්නේ එයාගේ තාත්තගේ ණය ගෙවන්න ක්‍රමයක් හොයාගෙන මුම්බයි වලට එන කෙනෙක්..මෙයාගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා,ඒ තමයි මෙයා කොතනකට ගියත් එතන ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා..ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක මෙයාට මුම්බයි වල රස්සාවක් කරන එක ලේසිවෙන්නේ නෑ..ඉතින් මෙයා ඉන්නේ මෙයාගේ මාමා එක්ක,චාර්ලිගේ මාමාට ට්‍රක් එකක් තියෙනව,ඉතින් මේ අතරේ තමයි චාර්ලිට ලොකු හයර් එකක් ලැබෙන්නේ..දවසක් ලස්සන කෙල්ලෙක් එනවා හයර් එකක් තියෙනවා යන්න පුලුවන්ද කියල අහන්න…ඔය අතරේ තමයි චාර්ලි මේකට කැමතිවෙන්නේ..මොකද එයාට සල්ලි ඕනි නිසා..ඉතින් එයා මේ හයර් එක බාරගත්තට පස්සේ තමයි දැනගන්නේ මෙයාට මොකක්ද ගෙනියන්න තියෙන දේ කියල..ඉතින් චාර්ලිට ගෙනියන්න තියෙන්නේ ගෝරිල්ලෙක්..හැබැයි මේ ගෝරිල්ලා අමුතු ගෝරිල්ලෙක්,ඒ අමුත්ත මොකක්ද කියල ඔයාලම චිත්‍රපටිය අරගෙනම දැනගන්නකෝ..එහෙනම් අදට ගිහින් එන්නම්….එතකම් නරබන්න Hello Charlie….

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram