spot_img

Hereditary (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුබ දවසක් වේවා හැමෝටම. මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය හැටියට මම ඔයාලට අරගෙන ආවෙ 2018 වර්ෂයේ නිකුත් වුන Drama|Horror|Mystery|Thriller යන කාණ්ඩයන්ට අයත් වන, එහෙම නැත්නම් සුපිරි හොල්මන් චිත්‍රපටියක්. IMDB චිත්‍රපට දර්ශකයේ 7.4 ක් වැනි අගයක් සමගම Rotten Tomatoes දර්ශකයේ 89% ක් වැනි ඉතා ඉහල අගයක් ලබා ගැනීමට සමත් වී ඇති මේ චිත්‍රපටය Ari Aster ගේ අධ්‍යක්ෂණය ක්. ඒ වගේම Toni Collette, Milly Shapiro, Gabriel Byrne යන අයගේ විශිෂ්ට රංගනයෙන් හැඩවන මේ නිර්මාණය මිනිත්තු 127 ක ධාවන කාලයකින් යුක්තයි.

කතාව ගැන කියනවනම්, මේ කතාව ගෙතෙන්නෙ මව, පියා, දුව සහ පුතා ජීවත් වන පවුලක් වටා. කතාව ආරම්බයේ ආච්චි අම්මා, එහෙම නැත්නම් පවුලේ අම්මාගේ මෑණියන් මිය යනවා. ඒත් සමගම තමා සියළුම සිදුවීන් සිදුවෙන්න පටන් ගන්නේ. හැබැයි ඔයාල හිතන විදිහට නම් නෙවෙයි. (ආච්චි නෙවෙයි හොල්මන් කරන්නේ…). මේක ඇත්තටම පොඩි අයට බලන්න පුළුවන් එකක්නම් නෙවෙයි. අවුරුදු 18+ ට වත් වැඩි අය බලනවනම් තමා වඩා හොඳ. කවුරු උනත් රෑටනම් බලන්න එපා ඉතින් ඔයාලට ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි මේ සුපිරි නිර්මාණය රස විදින්න කියලා ආරාධනා කරමින් මම නවතිනව. තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙන තුරු ඔබට ජය වේවා..!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram