today-is-a-good-day
More

    Hotel Transylvania 4 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හුඟ දවසකට පස්සෙ තමයි මේ උපසිරැසක් අරන් එන්නෙ මුලින්ම කියන්න ඕනා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..! හැබැයි වෙනදා වගේ මේ පාර අවුරුදු නම් ඇඟට දැනුනෙ නෑ…රටේ පවතින වත්මන් තත්වය එක්ක.. කතා ඇති දැන් චිත්‍රපටිය ගැන බලමු. මේකට සබ් කරන්න බාරගෙනත් හුඟක් කල් ඉවර කරන්න වෙලාවක් නැතුව හිටියෙ වැඩ එක්ක මේක Comedy/Adventure ගණයට අයත් වෙන පවුලේ සැමට බලන්න පුළුවන් පැයයි විනාඩි 27 පුරා දිවෙන ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDb 6/10 අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ Jennifer Kluska, Derek Drymon දෙපළ විසිනි. චිත්‍රපටියට Adam Sandler, Selena Gomez, Brian Hull, Asher Blinkoff, Kathryn Hahn, Genndy Tartakovsky, Andy Samberg… වැනි නළු නිලියන් හඬ නළු දායකත්වය ලබා දී තිබෙනවා. එහෙනම් දැන් අපි බලමු කතාව මොකක්ද කියලා.

    ඉතින් ඔයාලට මතක ඇතිනෙ කලින් කතා තුන

    * Hotel Transylvania (2012)
    * Hotel Transylvania 2 (2015)
    * Hotel Transylvania 3: Summer Vacation (2018)

    මේ කතා තුන වගේම රස වින්දනය උපරිම තියෙනවා මේ කතාවෙත් තියෙනවා ඉතින් ඒ කතා තුනම නරඹලාම මේක බැලුවොත් උපරිම රසවින්ඳනයක් ගන්න පුළුවන්. ඉතින් කතාව කෙටියෙන් කියන්නම් ඩ්‍රැක්ට ඕනෙ කලින් කතාව එයාට මුණ ගැහුන එරිකා එක්ක නිදහසේ කල් ගෙවන්න ඉතින් ඩ්‍රැක්ගෙ අදහසක් තියෙනවා එයා දුක්මහන්සියෙන් හදපු හෝටලේ මේවිස්ට පවරන්න ඒත් එයාට හිත දෙන්නෙ නෑ ඒක දෙන්න ඕක කනේ වැටෙනවා ජොනීට ඒත් ජොනීට හෝටලේ පවරන්න ඩ්‍රැක් කැමති නෑ දෙන්නා එච්චර ඇයි හොඳැයියක් නෑ එයාට පවරන්නත් බෑ එයා රාක්ෂයෙක් නොවෙන නිසා කෝමහරි ජොනී රාක්ෂයෙක් වෙන්න ක්‍රමයක් හොයනවා එතකොට වෑන් හෙල්සින් ඒකට උදව් කරනවා. ඉතින් කෝමහරි ජොනී වෑන් හෙල්සින්ගෙ උපකරණයක් හින්දා රාක්ෂයෙක් බවට පත් වෙනවා. ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි. ජොනී රාක්ෂයෙක් හින්දා ඩ්‍රැක් දැන් හෝටලේ ජොනීට පවරයිද? ජොනී රාක්ෂයෙක් කියලා මේවිස් දැනගනීද? ජොනීට ආයෙත් මනුස්සයෙක් වෙන්න පුළුවන් වෙයිද? මොනවෑන් මොනවා වෙයිද කියලා බබලා ඔයාලම තීරණය කරන්න. මං අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Hotel Transylvania 4 (2022) සිංහල උපසිරැසි” Hotel.Transylvania.4.(2022).Sinhala.Subtitle.rar – Downloaded 6333 times – 727 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    පසිඳු මදුරංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

      … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Leave a Reply to Buddhika laKMal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram