spot_img
spot_img

Hypnotic (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Hypnotic (2023) Sinhala Subtitle

 

ඩැනී රෝක්, ඔස්ටින් පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක‍්ෂකවරයෙක්, ලොකු කරදරයකට පත්වෙනවා. ඒ්, ඔහුගේ දුව පැහැරගැනීමක් සම්බන්ධයෙන්. ඇය සමඟ උද්‍යානයේ විවේක ගනිමින් සිටියදී, මේ පැහැරගැනීම සිදුවෙනවා. රෝක් ගේ අරමුණ, කෙසේ හෝ මේ පැහැරගත් දුව සොයාගැනීම. මෙහිදී, රෝක් ට සිදුවෙනවා රජයේ රහසිගත කණ්ඩායමක් සමඟ සටන් කරන්න. රෝක් ගේ දුව ඇත්තටම පැහැරගත්තා පමණද? ඇය ජීවත්ව සිටිනවාද? මොකක්ද මේ රහස් රජයේ සංවිධානය? මේ ගැන දැනගන්න නම්, චිත්‍රපටිය නරඹන්නම වෙනවා. සමහර දේවල් කියන්න හිතෙන්නේ නෑ, මොකද මේකේ හැම දෙයක්ම, හැම සිදුවීමක්ම, චිත්‍රපටියේ කතාවේ කොතනකට හරි අවශ්‍ය වෙනවා. සමහරදේවල් පැහැදිලි කරගන්න, ඒ් පොඩි පොඩි සිදුවීම් වැදගත් වෙනවා. ඒ් නිසා, අවධානයෙන් නැරඹිය යුතු චිත්‍රපටියක් විදියට තමයි, මම මේක දකින්නේ.

Robert Rodriguez විසින් රචනා කරලා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. ආයතන කිහිපයක එකතුවකින් නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය, Ketchup Entertainment විසින් ලොව පුරා බෙදා හැරුණා. රඟපෑමෙන් දායක වුණා, Ben Affleck (ඩැනී රොක්), Alice Braga (ඩයානා කෘස්), J. D. Pardo (නික්ස්), William Fichtner (ලෙව් ඩෙල්රේන්) ඇතුළු පිරිසක්.

වෙනස් තේමාවක් යොදාගෙන කරපු මේ චිත්‍රපටිය, වැඩිය රසිකයන් අතරට නොගිය, හොඳ චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. එක පැත්තකින් විද්‍යාත්මක පසුබිමක් තුල දිවෙන කතාව, තවත් විටෙක ක්‍රියාදාම සිදුවීම් වලට යොමුවෙනවා. ඉතිං, ඔයාලාත් මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න.

හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල හොඳ නරක, ගුණ දොස්, වැරදි අඩුපාඩු, අපිට කියන්න. අපේ උපසිරැසි වග ගුණාත්මක බව වැඩි කරගන්න, ඒක උදව්වක් වේවි. එහෙනම්, ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Hypnotic (2023) සිංහල උපසිරැසි” Hypnotic.(2023).Sinhala.Subtitle.zip – Downloaded 2551 times – 907 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram