spot_img

I Kill Giants (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අපි හැමොගේම ජිවිත වල දුෂ්ටයෝ ඉන්නවා. ඒ කෙනා ඔෆිස් එකේ කෙනෙක්…නැත්නම් පාසලේ කෙනෙක්…නැත්නම් පන්තියක කෙනෙක් නැත්නම් ඔයාලා ගෙදරට අල්ලපු ගෙදර ඉන්න කෙනෙක් උනත් වෙන්න පුලුවන්. බාබ්රාගේ ජිවිතෙත් දුෂ්ටයෙක් ඉන්නවා. කෙනෙක් නෙමෙයි ගොඩක්… හැබැයි ඒ යෝධයෝ. බාබ්රාට තේරෙනවා ඇය ඉන්න නඟරයට විශාල යෝධයින්ගෙන් ප්‍ර‍හාරයක් එල්ල වෙනවා කියලා. ඇය මේක හැමෝටම කිව්වාත් කවුරුත් ගණන් ගන්නේ නම් නැහැ. මේ වගේ විකාර කතා කියන නිසාම බාබ්රා පාසලේ පවා ඉන්නේ තනිවෙලා. නමුත් ඇයට අලුතින් එන යාළුවෙක් හම්බවෙනවා. ඇය තමයි සෝෆියා කියන්නේ. ඇය සෝෆියාට යෝධයෝ ගැන හැමදේම කියනවා… ඒ වගේම යෝධයෝ පරාද කරන්න පුලුවන් ඇය ගාව තියන ආයුධයක් ගැනත් සෝෆියාට කියනවා… සෝෆියා බාබ්රා කියන මේ හැමදේම විශ්වාස කරනවා වගේම බාබ්රාගේ හොද යාළුවෙක් බවටත් පත්වෙනවා..

අවසානය ඉතාමත් සංවේදි වගේම අපිටත් හිතන්න දෙයක් ඉතුරු කරන කතාවක් තමයි මේ චිත්‍ර‍පටිය… අර උඩ කිව්වේ ඔයාලට මේ කතාවේ මතුපිටින් පේන දේ…නමුත් ඒ ඇතුලේ අපි හැමෝටම විදින්න වෙන සංවේදි කාරණාවක් චිත්‍ර‍පටියේ ඇතුලත් වෙනවා. Madison Wolfe,Imogen Poots,Sydney Wade,Rory Jackson හා Zoe Saldana මෙහි රංඟනයෙන් දායක වන අතර…මේහි කිසිම පිරිමි ප්‍ර‍ධාන චරිතයක් නැති විමද විශේෂත්වයක්. එහෙනම් අරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram