spot_img

Jalsa (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් හින්දි චිත්‍ර‍පටියක් අරගෙන තමයි ආපහු ආවේ… මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Vidya Balan Shefali Shah හා Rohini Hattangadi රංඟනයෙන් දායක වෙනවා… මේ කතාව ගැන හොද ලිපියක් ෆේස්බුක් එකේ සිනමාවේදින් ගෘප් එකේ පලවෙලා තිබ්බා.. ලක්ෂ්මන් අරංවල විසින් ලියපු එකක්.. ඒක මං පලකරනවා..

ආරම්භයේදීම ටිකක් හිතුවක්කාර නවයොවුන් පෙම් යුවලක් දකින්නට ලැබෙනවා. දෙන්නට ලොකු දාංගලයක් තියෙනව වගේම බරක් පතලක් නැති බවකුත් පේනවා. හිට් ඇන්ඩ් රන් සීන් එකක් අනපේක්ෂිතව එතනට ඈඳෙනවා. ඉන්පස්සෙ හඳුන්වා දෙනවා සෙලිබ්‍රිටි ජ’නලිස්ට් කෙනෙක්ව. තමන්ගෙ පෞරුෂය තුළින්ම ලොකු ලොක්කන්ව දණ ගස්සන්න පුළුවන් බවක් ඇයගෙන් පේනවා. ඔන්ලයින් නිව්ස් කම්පැනිය නිරන්තරයෙන්ම වෛරල් කරවන බලගතු නිර්භීත මාධ්‍යවේදිනියක් විදිහට විද්‍යා බාලන් ගේ මායා මෙනන් චරිතයෙන් පෙනෙනවා. එතකොට අපිට පුළුවන් සාම්ප්‍රදායික කතා තේමාව ගැන අවබෝධයක් ලබා ගන්නට. කවුරුන් හෝ බලවතෙක් විසින් අහිංසක මිනිස් ජීවිතයක් මෝටර් රථයකින් හප්පලා මහ මඟ මැරෙන්න ඇරලා පලා ගිහිල්ලා නම් ඒ වෙනුවෙන් සටන් කරන්නට ඉන්නවා බලවත් මාධ්‍යවේදිනියක්. කතන්දරයට හොඳම ප්‍රවේශයක්.

මෙහිදී නිර්මාණකරුවා විසින් සම්ප්‍රදාය බිඳල තියෙනවා. හිට් ඇන්ඩ් රන් කේස් එකක් ඔස්සේ ප්‍රේක්ෂකයාව වෙනස්ම ඉසව්වකට රැගෙන යන්නට ඔහු සමත්වෙලා තියෙනවා. අර බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක වගේ අපූරු ඩීටේල්ස් රැසක්ම කතන්දරයේ තැනින් තැන පැළ කරල තියෙනවා. ඒවා එකකට එකක් යා වෙන තැන පොදු පෘථග්ජන හැසිරීම්වල මිශ්‍රණයක් අතුරලා තියෙනවා. හරි වැරැද්ද ගැන වෙනමම කෝණයකින් බලන්න සිද්ධ වෙනවා. අයුක්තියට ආසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕන කියන නියමය තුළම මහා අවුලක් පටලවලා. මේක තේරුම් බේරුම් කරගන්න තැනදී මානුශීයව හිතන්න වෙලා. කාලෙකින් මෙහෙම කතන්දරයක් නොදුටු නිසා වැඩියෙන් දැනෙනවා. නරඹන්නට වටිනා චිත්‍රපටයක් විදිහට නිර්දේශ කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. Kahaani 2012 ෆිල්ම් එකටත් සබ් දෙන්න please . කොහෙවත් නැ හොයාගන්න. අනික බ්ලූරේ එහමෙ ඇවිල්ලා

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram