spot_img
spot_img
More

    John Wick Chapter 3 – Parabellum (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    වසරේ තවත් Most anticipated චිත්‍රපටයක් විදිහට මුල් චිත්‍රපට දෙකම අභිබැවූ හෝ දෙවන චිත්‍රපටය හා සමවූ අතිදැවැන්තම ඇක්ෂන් පෙළහරක්. John Wick franchise එක තුළදී මින් පෙරදි දැනගන්නට නොලැබුනු අභිරහස් පැතිකඩක් John Wick Universe එකක් විදිහට ගොඩනැගෙනවා. John Wick ට පෞද්ගලිකවම මේ හුටපට වලට සම්බන්ධ වෙන්න සිද්ද වුණේ කොහොමද කියන එක විතරක් දැනගෙන හිටපු අපිට ඉන් බොහෝම ඈතට විහිදෙන අද්භූත underground මාෆියාවක තතු Wick ගේ origin එක සම්බන්ධ කරගෙන දැනගන්නට ලැබෙනවා. “කුලී ඝාතකයින්” කිව්වම මැවෙන පටු රූපයට එහා ගියපු cult එකක් ගැන ආකර්ශනීය විස්තර පෙළක් මෙවර අන්තර්ගතයි. High Table එක සහ ඔවුන්ගේ නීති රීති එක්ක, කතන්දරයට ඇක්ෂන් පැත්තෙන් එහාට විහිදෙන වෙනමම අනන්‍යතාවයක් ලැබෙනවා.

    ඇක්ෂන් ගැන කතා කළොත් චිත්‍රපටයක් සම්බන්ධයෙන් “සිරුර ලොමුදැහැගැන්වෙන සුළු” කියන විශේෂණය කාලෙකට පස්සෙ භාවිතා කරන්නට ලැබුන අවස්ථාවක් තමයි මේ. කඩු කිණිසි ද, අවි ආයුධ ද, මුෂ්ටි ප්‍රහාර ද, අධිවේගී chasing දර්ශන ද ආදී වශයෙන් ඇක්ෂන් ඔබන්න පුලුවන් සෑම ආකාරයකින්ම සෑම රූපරාමුවක්ම සමන්විතයි. ත්‍රාසයෙන් පිරුණු, අන්තිම දරුණු සහ හාස්‍යයෙන් පිරි විදිහටත් මේ නොනවතින ඇක්ෂන් පෙළහර ගොඩනැගෙනවා.

    හැබැයි මුලු ලෝකෙම ඉන්න කුලී ඝාතකයින් සියල්ලන්ම පොර ක කා එකම ටාගට් එකක් ලුහුබැඳ එන කොට ඉන් බේරී පලායන්නට ලැබෙන එකත් අභව්‍යයි කියල හිතෙන්නට පුලුවන්. අඩිය තියන තියන තැන ඉන්නේ අවි අමෝරාගත් ඝාතකයෙක් නම් තනි මිනිහෙක් කොහොමද ඊට මුහුණ දෙන්නෙ කියන ගැටලුව තමා දෙවැන්න අවසන් වන විටදී පැනනැඟුනේ. ඒ ආකාරයෙන්ම මෙවර ක්‍රියාන්විතය Legendary John Wick ට පවා දරන්නට නොහැකි මට්ටමේ අභියෝගයක් සහ ජීවිතයත් මරණයත් අතර සටනක්. ඔහුට සිද්ද වෙනවා ඔහුව අභිබවා ගොඩනැගෙන මහා බලසම්පන්න බවක් හා ගැටෙන්නට. මෙවර නම් ඔහුට තනිවම “ගේම ගහන්න” බෑ. සහයට එනවා Halle Berry නිරූපණය කරන Sofia චරිතය. චිත්‍රපටය ආරම්භයේ පටන්ම සුපුරුදු රිද්මයට හතර අතේ වනාගෙන වනාගෙන යන Wick ට මෙවර හමුවන Sofia සහ German-Shepherds සුසංයෝගයත් එක්ක ඇක්ෂන් ඩබල් වෙනවා.

    ඊටත් පස්සෙ John Wick පස්සෙ එකා පසු පස එකා බැගින් හඹා එන්නන් අතර The Raid තුළින් දකින්නට ලැබුන මාෂල් ආට්ස් ප්‍රමුඛයින් වන Yayan Ruhian සහ Cecep Arif Rahman ඩබලගේ සටන් දර්ශන විසින් එකතු කරන අලංකාරය දැවැන්ත එකක්. ඒ සියල්ලටත් වඩා මහත් බලාපොරොත්තු තියන් හිටපු, කාලාන්තරයකට පසුව හමුවන කුඩා කාලෙදි දැකපු ආකර්ශනීයම මාෂල් ආට්ස් රංගන ශිල්පියා Mark Dacascos ගේ Zero චරිතය ඉහළින්ම කැපී පෙනුනා. High Table හෙවත් ලොව පුරාම පැතිරෙන පාතාල මාෆියාවේ “The Adjudicator” වරිය Asia Kate Dillon විසින් මනාව නිරූපණය කරනු ලබනවා. ඒ වගේම New York Continental එක මින් පෙර නොදුටූ විරූ visually stunning බවකින් අවසන් සංග්‍රාමයට පරිවර්තනය කර තිබෙන අයුරු තවත් තවත් සුවිශේෂීම අවස්ථාවක්.
    මෑත කාලීනව හොලිවුඩය සතු විශිෂ්ටතම ඇක්ෂන් රංගන ශිල්පියෙක් විදිහට “කියානු රීව්ස්” තම අනන්‍යතාවය තවත් බොහෝ පරිමාවකින් ප්‍රසාරණය කරගෙන තිබෙනවා. මේ අතිසාර්ථක තුන්වැන්නෙන් පසුවත් John Wick ගේ මාරාන්තික භීෂණ චාරිකාව නිමාවක් වෙන්නෙ නෑ. මීළඟ අදියර මීටත් වඩා අති දරුණුතම මට්ටමකින් පවතියි කියන එකේ නම් කිසිම සැකයක් නෑ

    John Wick (2014) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

    John Wick Chapter 2 (2017) දෙවැනි චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” John.Wick.Chapter.3.-.Parabellum.2019.Sinhala.Subtitle.rar – Downloaded 13146 times – 43 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    විනොද් උක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram