More

    Jurassic World Fallen Kingdom (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2015 ෆිල්ම් එක බැලුවානම් මතක ඇති ජුරාසික් පාක් එක නැවත හදනවා ජුරාසික් වර්ල්ඩ් කියලා. සම්පූර්ණ නවීන විදියට හැමදේම. එවගේම අලුත් ඩයිනසෝරයන් පවා ඉන්නවා. නමුත් අවාසනාවන්ත විදියට පාක් එක විනාස වෙනවානේ. ඉතින් ඒ සිදුවීමෙන් ටික කාලෙකට පස්සේ කණ්ඩායමක් රහසේම යනවා ජාන එකතු කරගන්න. විශේෂයෙන්ම යන්නේ ඔවුන් විසින් නිර්මාණය කරපු ඉන්ඩොමිනස් රෙක්ස් ගේ අස්ථියක් අරගෙන එන්න. මතක ඇතිනේ ලොකු ජලාශය ළඟ සිදුවීම? නැත්නම් Jurassic World 2015 ෆිල්ම් එක බලලා ඉන්න.

    ඉතින් කොහොමහරි වැඩි කල් යන්නේ නෑ. දූපතේ තියෙන ගිණිකන්ද සක්‍රියවෙන්න ගන්නවා. ලෝකයම දෙපිලකට බෙදෙනවා මේ නිසා. කොටසක් මේ සත්තු බේරගන්න රජය මැදිහත් වෙන්න කියනවා. තවත් අය කියනවා ස්වභාවධර්මයම නැති කරපු සත්තුන්ව නැවත ගෙනාපු නිසා ස්වභාවධර්මයම නැවත එයාලව නැතිකරන්න යන්නෙ කියලා.

    බෙන්ජමින් ලොක්වුඩ්, ක්ලෙයාව ගෙන්වනවා මේ සත්තුන්ව බේරගෙන වෙනත් දූපතකට අරගෙන යන මෙහෙයුමට. මේකට ඔවෙන්නුත් එකතුවෙනවා. සත්තු වර්ග 11යි බේරගන්න පුලුවන් වෙන්නේ. ඒ අතරේ ”බ්ලූ” වෙලෝසිරැප්ටරයත් ඉන්නවා. ඔවුන් මේ සත්තුන්ව බේරගන්නවා. නමුත් එයාලා මේ සත්තු බේරගත්තේ මේ මුලු ලෝකයේම අවසානය ලියලා කියලා හිතෙන්නේ නැතුව ඇති. ඒ මොකද කියලා තේරුම් යන්න නම් අවසානය දක්වාම ෆිල්ම් එක බලන්න වෙනවා. විශේෂයින්ම කියන්න ඕනි කලින් පාර චිත්‍ර‍පටියට වඩා නම් මේ පාර චිත්‍ර‍පටියේ හරිම සංවේදි දර්ශනත් අඩංගු වෙනවා. කොහොමහරි ඉතින් හැමෝම බලාගෙන හිටපු ෆිල්ම් කීපයෙන් එකක උපසිරැසි අරගෙන ආවා එහෙනම්. ඊළඟටත් එන්න තියෙන්නේ ගොඩක් ජනප්‍රිය ෆිල්ම් එකක්. එහෙනම් ඒකෙන් හමුවෙනකල් හැමෝටම තෙරුවන් සරණයි!

    Jurassic World (2015) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “Jurassic World Fallen Kingdom (2018) සිංහල උපසිරැසි” Jurassic.World.Fallen.Kingdom.2018.Sinhala.Subtitle.rar – Downloaded 2316 times – 57 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ප්‍රමෝද් ඉන්දුනිත්
    pramod@zoom.lk + posts

    Sri Lankan 🇱🇰 Matara 🌊
    Xiaomi Fan 📱Mi8 user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram