spot_img

Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් තවත් තෙලෙගු ලස්සන චිත්‍රපටියක් අරන් එන්නයි හදන්නේ… ෆිල්ම් එකේ නම කල්‍යානම් කමනීයම් මේකේ තේරුම තමයි සුන්දර විවාහය කියන වගේ එකක්.. මේකේ ප්‍රධාන චරිත විදියට Santosh Shoban හා Priya Bhavani Shankar රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් මේ කාලේට නම් මේක ගැලපෙනවාත් වගේ.. දැන් කාලේ ගැණු ළමයි රැකියා කරනවා නේ පිරිමි ළමයින්ටත් වඩා (කොහොමත් ඉන්ටර්විව් ගියාම ගැණු ළමයින්ව තෝරගන්න අවස්ථාවත් වැඩියිනේ ) ඉතින් අපේ කතා නායකයා ශිවාට අවුරුදු 25ක් උනත් රැකියාවක් නම් නැහැ. මෙයාගේ ගැණු ළමයා තමයි ශුති. කොහොම හරි ගැණු ළමයාගේ පැත්තෙන් මේ සම්බන්ධයත් ටික කාලයක් නිසා කසාදේ වෙනුවෙන් හදිසි කරනවා. ශිවා නම් කියනවා තමන්ට රැකියාවක් ලැබෙන කම් කසාදයක් නම් බදින්න බැහැ කියලා. එත් ශුති දැනට රැකියාවක් කරන නිසා වගේම ශුතිගේ අම්මායි තාත්තායිත් ශිවාට කියනවා රස්සාවක් නැති උනාට කමක් නැහැ මුලින් කසාද බැදලා ඉන්න, පස්සේ ශිවාට රැකියාවක් හොයාගන්න කියලා. කොහොම හරි ශුතිගේ තාත්තා ශිවාටයි ශුතිටයි ඉන්න හොද ගෙයක් එක්කම හැමදේමත් ලැස්ති කරලා දෙනවා කසාදෙන් පස්සේ.. මෙහෙම කසාද බැදලාත් ටික දවසක් යනවා.. ශිවාට තාම රැකියාවක් නැහැ. ශුති හැමදාම ශිවාගේ හිත හදනවා කවදා හරි රස්සාවක් හම්බවේවි බය වෙන්න එපා එතකම් වියදම් සේරම එයා දරන්නම් කියලා. එහෙම කියලා හැමදාම ශිවාට උදේට පොඩි ගානකුත් අතට දිලා යන්නේ කැමැති දෙයක් කරන්න කියලා.  මේ දෙන්නා කොච්චර ආදරෙන් හිටියාත් කොහොම හරි මේ වගේ ආදර කතා වලට මැද්දට පනින අය ඉන්නවා නේ. කොහොම හරි අවට කට්ටිය ශුතිගේ ඔළුවට දාන්න ගන්නවා තාම එයා කසාද බැදපු කෙනාට රස්සාවක් නැහැ නේද කියලා.. අර බදින්න කලින් කොහොම හිටියාත් කමක් නැහැ කියන ශූතිත් ටික ටික වෙනස් වෙනවා..  එහෙම දවසක් ඇවිල්ලා ශුති කියනවා ” ශිවාට රස්සාවක් නැතුව හිටියාට කමක් නැහැ එත් ශුතිගේ සැමියාට රස්සාවක් තියෙන්නම ඕනි” කියලා. ආදරේන් හිටිය දෙන්නා මැද්දට ප්‍රශ්න ගොඩකුත් මේ අස්සේ එනවා. කොහොම හරි අවසානයේ ආදර්ශමත් වගේම හොද අවසානයක් තියන චිත්‍රපටියක්.. පවුලේ හැමෝටම බලන්න පුලුවන් චිත්‍රපටියක් නිසා බය නැතුව අරන් බලන්න… සබ් එකට ෆුල් සපොට් එකක් දුන්න දර්ශන අයියාටත් ස්තුතියි…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram