spot_img

Kanguva (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Kanguva (2024) Sinhala Subtitle

 

අද අරන් ආවේ මැතකදි නිකුත් උන කන්ගුවා චිත්‍රපටිය. මේකේ ඔරිජිනල් වෙබ් කොපියක් නම් නිකුත් උනේ පහුවැනි 8 වැනිදා. සූර්යාගේ චිත්‍රපටියක් එනකම් ගොඩක් අය බලාගෙන ඉන්නවානේ නමුත් මේක නම් ටිකක් අසාර්ථක චිත්‍රපටියක් කියලා තමයි කියන්න වෙන්නේ. කෝටි 300 ක වගේ බජට් එකකින් හදපු මේ චිත්‍රපටිය කොට් 120කින් වගේ සැහිමකට පත්වෙන්නටත් සිදු උනා. ෆිල්ම් එකට වියදම් උන ගානෙන් බාගයක් වත් හොයාගන්න බැරි උනා. Cinematic experience එකක් විදියට නම් කංගුවා චිත්‍රපටිය හොද තැනක තියෙනවා. මං හිතන්නේ ප්‍රධාන චරිතය සූර්යා නොවුනා නම් සමහර විට ටිකක් වැඩේ වෙනස් වෙන්නත් තිබ්බා.

මේ චිත්‍රපටිය සීවා ගේ අධ්‍යක්ෂණයක් මෙහි ප්‍රධාන චරිත විදියට සූර්යා,බොබි ඩියොල් හා දිශා පාටානි රංඟනයෙන් දායක වෙනවා… කතාව ගැන කිව්වොත් කතාව කාල දෙකක යන්නේ.. වර්තමානය හා අතීත කාලයෙන්.. චිත්‍රපටියේ වැඩි කාලයක් වෙන් වෙන්නේ නම් අතීත කාලේ කතාව පෙන්වන්න.. වර්තමාන කාලේ කතාව වෙන්නේ ෆ්‍රැන්සිස් (සූර්යා) කියන්නේ මුදලට අපරාධකාරයෝ අලල්ලා දෙන කෙනෙක්.. මොහු පොලිසියට අල්ලන්න බැරි උපරාධකාරයින් අල්ලලා දෙනවා. දවසක් ෆ්‍රැරැන්සිස් මෙහෙම කෙනෙක්ව අල්ලන්න ගියාම වෙන පොඩි අවුලකින් අපරාධකාරයා මැරෙනවා. හැබැයි මේ අපරාධකාරයා මැරෙනවා පොඩි ළමයෙක් දකිනවා. මේ පොඩි ළමයා ඇත්තටම ෆ්‍රැන්සිස්ව හොයාගෙන තමයි එන්නේ.. මේ ළමයා මොකටද ෆ්‍රැන්සිස් පස්සෙන් එන්නේ.. මේ ලමයාට පේන අමුතු හින අනම් මනම් මොනාද? අතිත කතාවක් එක්ක කොහොමද මේක ගැලපෙන්නේ කියලා බලන්න ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා. මේක සූර්යා හිටපු නිසා සූර්යාගෙන් මේ විදියේ චිත්‍රපටියක් බලාපොරොත්තු නොවුන නිසායි අසාර්ථක උනේ. නැතුව මට නම් අර කලින් කිව්වා වගේ චිත්‍රපටිය ලොකු අවුලක් නැහැ. මං නිකම් මෙහෙම කියන්නම්කෝ.. මං කලින් දුන්න විශ්වම් තෙලෙගු චිත්‍රපටිය බැලුවා නම් අන්න ඒක අවුලක් නැහැ වගේ දැනුනා නම් මේක ඊට වඩා දහාකින් හොදයි 😀 එහෙනම් තව චිත්‍රපටියකින් හමුවෙමු..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS ටැමිල්එම් වි වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ලක්ෂාන් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram