More

    Kidnap (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    ඔයාලට මං කලින් දීපූ Call (2013) චිත්‍රපටය මතකද ? ඒකේ Halle Berry ගේ රංගනයත් ඔබට අමතක වෙන්න විදිහක් නෑ. අද අරන් ආවේ Halle Berry රඟන එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටයක්. ත්‍රාසජනක චිත්‍රපට බලන අය නම් මේක මඟහැරගන්න එපා.

    මම කාර්ලා ඩයිසන්,මගෙ මහත්තයා මගෙ වෙන් වෙලා වෙනත් අයෙක් එක්කලා ජීවත්වෙන්නේ.මට කියලා හැමදේකටම ඉන්නේ මගේ පුතා ෆ්රැන්කියි.එයාට තාම අවුරුදු 6යි.මං ආපනශාලාවක සේවිකාවක් විදිහට වැඩ කරනවා.ලොකු සල්ලියක් නම් හම්බෙන්නේ නෑ,ඒත් මටයි මගේ පුතාටයි ජීවිත් වෙන්න ඒ හම්බවෙන පඩිය ප්‍රමානවත්.එක දවසක් පුතාව පාක් එකට එක්ක යන්න ඕන නිසා මං එයාව මං වැඩ කරන තැනට එක්ක ගියා,මොකද එතකොට මට කෙලින්ම ආපනශාලාවේ වැඩ ටික ඉවර කරලා පුංචි පුතා එක්ක පාක් එකට යන්න පුලුවන් හින්දා.ඒත් එදා මාත් එක්ක වැඩ කරන අනික් සේවිකාව ඇවිත් තිබ්බේ නෑ,ආපනශාලාවේ ඇවිත් හිටිය සෙනගත් ගොඩක් වැඩියි.මං සේවිකාවක් නිසා සමහරු මාව විහිලුවකට ගන්න අවස්ථාත් නැත්තෙමත් නෑ.මොන දේ වුනත් රස්සාව වටිනවනේ කියලා මං ඒවා වැඩිය ගානකට ගන්නේ බොහොම අඩුවෙන්.ඉතින් අනික් සේවිකාවත් නැති නිසා ආපනශාලාවේ වැඩ ඔක්කොම මට තනියෙන් තමයි කරන්න වුනේ,කෑම හදලා දෙන්න කෙනෙක් හිටියට ඒවා ඇවිල්ලා ඉන්න කට්ටියට පිලිගන්වන්න හිටියේ මං විතරයි.මගේ පුංචි පුතා මාත් එක්ක පාක් එකට යන්න ආපනශාලාවේම තියෙන පුටුවකට වෙලා බලන් ඉන්නවා.ආපනශාලාවේ කෙනා කියනවා අද අනික් කෙනා නැති හින්දා ඩබල් ටයිම් වැඩ කරන්නලු,ඒවා කොහේ කරන්නද? පුතාව පාක් එක්ක යන පොරොන්දුව පිට මං එයාව මෙහෙට එක්ක ආවේ,මං කෙලින්ම බැහැ කිව්වා.වාසනාවකට මං කලින් කිව්ව සේවිකාව ආපනශාලාවට එනවා කියලා මට පුතා එක්ක පාක් එකට යන්න අවසර ලැබුනා.පුතා එක්කලා මගේ වාහනේ මං පාක් එකට ගියා.ඉස්සරහට යනකොට මං දැක්කේ කෙනෙක් ඉඳන් ළමයින්ගේ මූනේ සායම් තවරනවා.මගේ පුතත් ඕක දැකලා එයාට සායම් ගාගන්න ඕන නේ කියලා කිව්වා.පුතා මූණ පාට කරගන්නවට අකැමති නිසා මං බොරුවක් කියලා එයාගේ අවධානය වෙනස් කරා.පස්සේ කොහොමහරි පාක් එකේ තිබ්බ ෂෝ එකක් බලන්න මායි මගේ පුතයි එතන තිබ්බ බංකුවක් මත වාඩි වුනා.ටික වෙලාවක් ගියේ නෑ,මගේ දුරකතනය නාද වුනා.පාක් එකේ කට්ටියගේ කෑගැහැලි ,ෂෝ එකේ සද්ද බද්ද නිසා ෆ්රැන්කිට ඉන්න තැනම ඉන්න කියලා මං කෝල් එක ගන්න ටිකක් එහාට ගියා.පස්සේ මට දැනගන්න ලැබුනේ මට හරි හමන් රස්සාවක් නැති නිසා ෆ්රැන්කී ගේ තාත්තා,ෆ්රැන්කීගේ සම්පූර්න භාරකත්වය ඉල්ලනවා කියලා.මොකද කියනවනම් එයාලට මට වඩා සල්ලි බාගේ තියෙනවනේ.මේ ප්‍රශ්නේ උසාවි යන්න තරම් දුරදිග ගිහින් කියලා මට දැනගන්න ලැබුනා.කොහොමහරි මට කෝල්
    එකේ වැඩි වෙලා ඉන්න ලැබුනේ ෆෝන් එකේ බැටරිය බැස්සා.මං ආපහු ෆ්රැන්කී හිටිය තැනට ආවා,ඒත් ඒ බංකුවේ ෆ්රැන්කී හිටියේ නෑ.එතන හිටිය අයගෙන් මං මගෙ පුතාගෙ හැඩරුව කියලා ඇහුවත් ඒ කිසි කෙනෙක් මගේ පුතාව දැකලා නෑ.මගේ පපුව ගැහෙන්න ගත්තා,මගේ පුතාව මං හැමතැනම හෙව්වා.ඒත් හම්බුනේ නෑ,ඒත් මගේ වාසනාවකට මම දැක්කා ගෑනු කෙනෙක් මගේ පුතාව වාහනෙකට බලන් දාගන්නවා.අනේ මගේ පුතා ෆ්රැන්කී… මං දුවලා ගිහින් ඒ වාහනේ නවත්තන්න හැදුවත් උන් නවත්තන්නෙ නැතුව යන්න ගියා.පස්සේ මට මගේ වාහනේ මතක් වුනා.වාහනෙට නැගලා මං උන් පස්සෙන් එලෙව්වා.උන් මං පස්සෙන් එන එක වලක්වන්න කරන්න පුලුවන් හැමදේම කරා.ඒත් මං නැවතුනේ නෑ.අන්තිමේදී උන් මගේ පුතාව වාහනෙන් එලියට දානවා කියලා තර්ජනය කරලා උන් මගේ ගමන් මග වෙනස් කරා.ඒත් මං නැවතුනේ නෑ.මගේ පුතා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මං ලෑස්තියි,මං උන් පස්සේ ආයිමත් ලුහුබදින්න පටන් ගත්තා.මට මේ ලුහුබැදීමේ මුහුණ දීමට වූ බාධක,සොයාගැනීමට හැකි වූ සුලමුල ඉතා සුලුපටු නෙවෙයි.එහෙනම් කාර්ලා ඩයිසන් සමඟ එක්වී එයාගේ පුංචි පුතා පැහැරගත් අය පසුපස ලුහුබඳින්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

    Download “Kidnap (2017) සිංහල උපසිරැසි” Kidnap.2017.Sinhala.Subtitle.rar – Downloaded 160 times – 35 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නවීන් රන්දික පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram