spot_img

Last Seen Alive (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Last Seen Alive (2022) හොලිවුඩයේ නිෂ්පාදනය වුනු තවත් ත්‍රාසජනක කතාවක්. Gerard Butler කියන්නේ ගොඩාක් දෙනෙක් ආස නළුවෙක්. ඒ නිසාම මේ චිත්‍රපටිය ප්‍රේක්‍ෂකයන් අතරට මුලින්ම ගියා කියන්න පුළුවන්. මොකද මේ වගේ කතා තේමාවන්, ඉංග්‍රීසි චිත්‍රපටි අතරේ සුලබ නිසා. කොහොමවුනත්, අපිට වෙනස් විදියේ අත්දැකීමක් දෙන්න අධ්‍යක්‍ෂකතුමා සමත්වෙලා තියෙනවා. පැයකුත් විනාඩි තිස්පහක් එක දිගටම බලන්න පුළුවන් වෙන විදියේ නිර්මාණයක් විදියට මේක හඳුන්වන්න මම කැමතියි.

Brian Goodman විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය, Marc Frydman විසින් දක්‍ෂ ලෙස තිර රචනයෙන් දායක වෙච්ච එකක්. රඟපෑම සඳහා ‍තෝරාගත්තෙත් ඒ ඒ චරිත වලට හරියටම ගැලපෙන අය කියලා චිත්‍රපටිය බලනකොට තේරෙනවා. ඒ කට්ටිය, Gerard Butler (විල් ස්පෑන්), Jaimie Alexander (ලීසා ස්පෑන්), Russell Hornsby (පීටර්සන්), Michael Irby (ඔස්කාර්) ඇතුළු පිරිසක්.

කතාව ගැනත් ඉතා කෙටියෙන් කියන්නම්. විල් සහ ලීසා දෙපල සුළු පවුල් ආරවුලක් නිසා, ලීසාව ඇයගේ දෙමාපියන්ගේ නිවසට ඇරලවන්න එනවා. නිවසට ආසන්නයේ තිබෙන පිරවුම් හලක නවත්වන්නේ, ඉන්ධන ලබාගැනීම සඳහා. නමුත්, එහිදී සිදුවන්නේ අනපේක්‍ෂිත සිදුවීමක්. ඒ නිසා ලීසා අතුරුදහන් වෙනවා. මෙතනින් එහාට මොකක්ද සිදුවෙන්‍‍නේ කියලා චිත්‍රපටිය බලලාම තමයි දැනගන්න වෙන්නේ. මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න! ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram