More

    Life After Beth (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුභ දවසක් වේවා හැමෝටම ! අද මම Life After Beth (2014) ඉංග්‍රීසි චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන zoom.lk වෙබ් අඩවියට ගොඩ වදින්නයි මේ සූදානම් වෙන්නේ. මේ ඉතින් ෆිල්ම් එක ගැන කතා කරනව නම්, Jeff Baena අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මේ චිත්‍රපටය  IMDb දර්ශකයේ 5.6/10 ක අගයක් වගේම Rotten Tomatoes අගය 45%ක් හිමි කරගන්න සමත් වෙලා තියෙනවා .ඉතින් මේ චිත්‍රපටය Horror/Comedy ඝනයට තමයි අයිති වෙන්නේ.චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරල තියෙන්නේ 2014 අගෝස්තු 15 වැනිදා . චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 31  වෙනවා.

    ඒ වගේම ෆිල්ම් එකේ හොඳ දක්ෂ සහ ප්‍රසිද්ධ රංගන ශිල්පීන් පිරිසකගෙන් සමන්විත වෙනවා. ප්‍රධාන නළුවා සැක්ට රඟ දක්වන්නේ The Amazing Spider Man  චිත්‍රපටයේ Harry Osborn ලෙස රඟ දැක්වූ Dane DeHaan රංගන ශිල්පියායි. එමෙන්ම ප්‍රධාන නිලිය බෙත් ලෙස රංගනයෙන් දායක වෙන්නේ Mike and Dave Need Wedding Dates (2016), The Little Hours (2017), Child’s Play (2019) වැනි චිත්‍රපටවල රගපෑ Aubrey Plaza රංගන ශිල්පිණියයි. මීට අමතරව John C. Reilly , Anna Kendrick, Molly Shannon, Matthew Gray Gubler,  Cheryl Hines ඇතුළු අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

    එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු . කතාවේ ප්‍රධාන චරිතය තමයි සැක්. මෙයා අවුරුදු 25 ක විතර කොල්ලෙක්. ඉතින් මෙයාගේ පෙම්වතිය සර්ප දශ්ඨනක් නිසා අවාසනාවන්ත විදියට මිය යනවා. ඉතින් සැක් මේකට මාර දුකින් ඉන්නේ . ඉතින් සැක් නිතරම එයාගේ පෙම්වතියගේ අම්මයි තාත්තයි බලන්න එයාගේ ගෙදර යනවා. ඔන්න දවසක් සැක් එයාලගේ ගෙදර යනකොට දොරවල් වහල කවුරුත් පේන්න නෑ. ඉතින් සැක් ජනේලෙකින් ගේ ඇතුළත එබිකම් කරල බලනවා. එතකොට සැක් දකිනවා එයාගේ මැරුණ කිව්ව පෙම්වතිය ගේ ඇතුළෙ ඉන්නවා. මෙතන ඉදන් තමයි චිත්‍රපටයේ හොඳම හරිය පටන් ගන්නේ. මේ දැක්කේ කවුද , සැක්ගේ මැරුණ පෙම්වතිය ද, එයා මැරිල නැද්ද , නැත්නම් හොල්මනක් ද, නැත්නම් එයා සොම්බියෙක් වෙලා ආපහු ඇවිල්ලද , ඒක දැන ගන්න නම් ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා. ඉතින් මේක කුතුහලය අවසානය තෙක් රැදෙන චිත්‍රපටයක් කියල කියන්න ඕන . නොසිතූ අවසානයක් චිත්‍රපටයේ තියෙනවා. එහෙනම් ගිහින් එන්නම් තවත් දවසක මේවගේ උපසිරැසියක් අරන්. ජයවේවා !

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Life After Beth (2014) සිංහල උපසිරැසි” Life.After.Beth.(2014).Sinhala.Subtitle.rar – Downloaded 1042 times – 983 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    මාවන් ගීතාංජන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Leave a Reply to Buddhika laKMal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram