spot_img

Lightyear (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න මම 2022 අවුරුද්දේ නිකුත්කෙරුණු තවත් animation චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා. මේ Lightyear (2022) චිත්‍රපටිය. විද්‍යාත්මක පසුබිමක ඉඳගෙන, අභ්‍යවකාශ චාරිකාවක් ගැන කියවෙන කතාවක් මේ. ‍එක දිගට එලිදැක්වුණු animation චිත්‍රපටි කීපයක් නිසා, ගොඩාක් අයට මේක මඟහැරුණා වගේ වුනා. කොහොම වුනත්, කතාව ලස්සනයි. Ratings ගැන බැලුවාම, IMDB 5.7, RottenTomatoes 75%, MetaCritic 60%, Google Users 54% වගේ තමයි තම කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බේ.

Matthew Aldrich, Jason Headley සහ Angus MacLane විසින් රචනා කරපු මේ කතා වස්තුව, චිත්‍රපටියට නගන්න අධ්‍යක්‍ෂණය කලේ Angus MacLane විසින්. Walt Disney Studios Motion Pictures මඟින් බෙදාහැරුණු චිත්‍රපටිය, Walt Disney Pictures සහ Pixar Animation Studios මඟින් නිෂ්පාදනය කෙරුණා. විනාඩි 105ක් පුරා දිවෙන කතාව, එක දිගටම බලන්න පුළුවන් වෙන්න නිර්මාණය වෙලා තියෙනවා. තම කටහඬින් දායක වෙනවා, Chris Evans (බස්), Keke Palmer (ඉසී), Peter Sohn (සොක්ස්) ඇතුළු පිරිසක්.

කතාව තියෙන්නේ, සිසිරතාරක නින්දේ පසුවෙන ගගනගාමීන් පිරිසක් රැගත් අභ්‍යවකාශ යානයක් ගෙදර බලා එන අතර මගදී දකින්න ලැබෙනවා පෘථිවියට සමාන ග්‍රහලෝකයක්. මේ ග්‍රහලෝකය ගැන පරීක්‍ෂා කරන්න බස් ලයිට්ඉයර් සහ අලීෂා හෝව්තෝර්න් තීරණය කරනවා. මේ ග්‍රහලෝකය ජීවත්වෙන්න නුසුදුසුයි කියලා දැනගත්තාට පස්සේ, එයාලා ආපහු එන්න පිටත් වෙනකොට සිදුවෙන්‍නේ, බලාපොරොත්තු නොවුනු සිදුවීමක්. මේ නිසා, සියළුම දෙනාට ඒ ග්‍රහලෝකයේම ඉන්න වෙනවා. මේ අයගේ කතාව තමයි මේ තියෙන්නේ. කට්ටියට ග්‍රහලෝකයෙන් පැනගන්න පුළුවන් වෙයිද? ඉදිරි අනාගතය කොහොමද? මේවා දැනගන්න නම්, මේ සිංහල උපසිරැසිය සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න! ජයවේවා!!

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram