Man vs Baby S01
රෝවන් ඇට්කින්සන් කිව්වම අපිට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ මිස්ටර් බීන්ව. ඊට පස්සේ ජොනී ඉංග්ලිෂ්. හැබැයි මීට ටික කාලෙකට කලින් Netflix එකේ ආපු “Man vs. Bee” කතා මාලාව බලපු අයට නම් තවත් අමතක නොවන චරිතයක් ඉන්නවා, ඒ තමයි ට්රෙවර් බිංග්ලි. එක මී මැස්සෙක් පස්සේ පන්නලා අති සුඛෝපභෝගී ගෙයක්ම වනසලා දාපු ට්රෙවර්ව මතක ඇතිනේ?
ඔන්න එහෙනම් ඒ අයට සුබ ආරංචියක්! ට්රෙවර් බිංග්ලි ආයෙමත් එන්න ලෑස්තියි. හැබැයි මේ සැරේ එයාගේ අභියෝගය මී මැස්සෙක් නෙවෙයි, පොඩි බබෙක්!
“Man vs. Bee” එකේදී වුණු මහා විනාශයෙන් පස්සේ, ට්රෙවර් දැන් ගොඩක් නිශ්ශබ්ද, සන්සුන් රස්සාවක් කරනවා. ඒ තමයි ඉස්කෝලෙක කා.කා.ස විදියට. හැබැයි ඉතින් ට්රෙවර්ට ඔය නිශ්ශබ්ද ජීවිතේ වැඩි කල් ගෙවන්න හම්බවෙන්නේ නෑ.
නත්තල් කාලේ එයාට ලොකු ගාණකට පෙන්ට්හවුස් එකක් බලාගන්න අවස්ථාවක් ලැබෙනවා. මේ අතරේ ඉස්කෝලේ නත්තල් නාට්යයට පාවිච්චි කරපු ‘ජේසු බිලිඳු’ බබාව කවුරුත් අරන් යන්නේ නැති නිසා, ට්රෙවර්ට සිද්ධ වෙනවා මේ අනපේක්ෂිත ‘සහකාරයාව’ නිවාඩු කාලෙට තමන් එක්ක තියාගන්න.
ඉතින්, එක මී මැස්සෙක් එක්ක ගෙයක් විනාශ කරපු ට්රෙවර්, බබෙක් එක්ක මුළු නිවාඩු කාලයම ගෙවනකොට මොන වගේ අලකලංචියක් වෙයිද කියලා හිතාගන්න පුළුවන්නේ? මේක තමයි “Man vs. Baby” කතාවේ තේමාව.
මේකේ තියෙන හොඳම දේ තමයි “Man vs. Bee” නිර්මාණය කරපු රෝවන් ඇට්කින්සන් සහ විලියම් ඩේවිස්ම තමයි මේකත් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අධ්යක්ෂණය කරන්නෙත් ඒ කතා මාලාව අධ්යක්ෂණය කරපු ඩේවිඩ් කෙර්. ඉතින් ඒ හිනාව, ඒ slapstick කොමඩිය අඩුවක් නැතුවම මේකෙත් බලාගන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.
කතා මාලාව කොටස් 4කින් සමන්විතයි. එක කොටසක් විනාඩි 30-35ත් අතර කාලයකින් යුක්ත වෙනවා.
අහිංසක විදියට පටන් ගන්න පොඩි සිදුවීමක්, අන්තිමට මහා වින්නැහියකින් ඉවර වෙන එක තමයි ට්රෙවර්ගේ හැටි.
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













hanks a lot Ashen saho sub ekata
තැන්ක් යූ තැන්ක් යූ කොල්ලෝ මේකට සබ් දුන්නට