Mutiny (2026) Sinhala Subtitle
ඔන්න ආයේ ජේසන් ස්ටැතම් රංඟනයෙන් දායක වෙන ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. ජේසනුත් බොලිවුඩ් වල අක්ෂේ කුමාර් වගේ තමයි. මෙයාගේ මොන ෆිල්ම් එක ආවත් හැමදාම එකම කතාව උනත් අපි බලනවානේ. ඉතින් මේ පාරත් කතාව එකම ටයිප් උනාට බලන් ඉන්න නම් කිසිම බැරි කමක් නැහැ.. ඒ වගේම මේ චිත්‍රපටිය තිරගත වෙන්න පටන් ගත්තෙත් අගොස්තු 21 වැනිදා. ඩිජිටල් රිලිස් වෙන්න තිබ්බේ සැප්තැම්බර් 11 නමුත් ඇමසොන් එකට වැරදිමකින් අගොස්තු 20 වැනිදා විනාඩි 20ක් පුරාවට ෆිල්ම් එක එයාලාගේ ස්ට්‍රිම් සර්විස් එකේ දාලා තිබිලා තියනවා. මේ වෙලාවේ තමයි ෆිල්ම් එක අන්තර්ජාලයට ලික් වෙලා තියෙන්නේ.
කතාව ගැන බැලුවොත් කොල් රීඩ් කියන්නේ බැංකොක් වල නැව් ව්‍යාපාරයක් කරන ටීබු කියන පුද්ගලයාගේ පෞද්ගලික ආරක්ෂකයා. ආරක්ෂකයෙක් විදියට වැඩ කලාට ටිබුගේ පවුලේ කෙනෙක් වගේ තමයි ඔහු ඉන්නේ. ටීබු තමන්ගේ නැව් ව්‍යාපාරය විකුණනන්න අදහස් කරනවා. කොහොම හරි මේ අදහස ක්‍රියාත්මක කරන්න යද්දි ටිබූව ඝාතනය කරනවා. ඝාතනය කරන එකේ වැරැද්ද යන්නේ කොල් ට. කොහොම හරි ටීබුව ඇයි මැරුවේ කවුද? මේකට ටිබුගේ නැව් ව්‍යාපාරයේම අය සම්බන්ධද හොයාගන්න කොල් එදා රෑ වරායෙන් පිටත් වෙන්න නියමිත ආටිමස් කියන නැවට නගිනවා. මේ නැවට නැග්ගම තමයි කොල් රීඩ් දැනගන්නේ ඇයි ටිබුව මරන්න හේතුව උනේ මොකක්ද කියලා…
ඉතින් පැය එකහාමාරක් පවුලේ හැමෝම එක්ක එකතු වෙලා ඇක්ෂන් පැක් ෆිල්ම් එකක් බලන්න හිතනවා නම් ඔන්න අරන් බැලුවාට පාඩුවක් නම් වෙන්නේ නැහැ. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුභ දවසක්.
⛔ Due to copyright issues we do not provide any torrent links

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰












ස්තූතියි දර්ශණ අයියේ මේකට ආපුගමන්ම වගේ සබ්එක දුන්නට