today-is-a-good-day
More

    No Exit (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තවත් මේ අවුරුද්දේ නිකුත් උන අලුත්ම ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ.. කෙලින්ම කතාවට බහින්නම්කෝ… ඩාර්බි කියන්නේ මත්ද්‍ර‍ව්‍ය වලට ඇබ්බැහි උන ගැණු ළමයෙක්.. මේ නිසා එයාව මත්ද්‍ර‍ව්‍ය නිවාරණ කාර්යාලයක දාලා තමයි තියෙන්නේ.. එක දවසක් ඩාර්බිට ඇමතුමක් එනවා එයාගේ සහෝදරයාගෙන් එයාට කියනවා තමන්ගේ අම්මා ලොකු අසනිපයක් වෙලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා. ඩාර්බිට ඉස්පිරිතාලේ යන්න උවමනා උනත් එතැනින් ඇයට යන්න දෙන්නේ නැහැ. මේ නිසා ඇය රෑ එතැනින් පැනලා යනවා එකේ තිබ්බ වාහනයකුත් පැහැරගෙන.. ඇය ඉස්පිරිතාලේට එන ගමනේදි රෑ හිම පතනය වැඩි නිසා පාරේ වාහනේ පදවන්න බැරි තරම් තත්වයක් උදා වෙනවා. මේ මොහොතේ තමයි පොලිසියේ කෙනෙක් එයාවත් එතැන ලග නවාතැන් පොලකට යවන්නේ.. මෙතැනට ඇය යද්දිම එහෙම මේ හිම පතනය නිසා යන්න බැරිව හිර උන හතර දෙනෙක් ඉන්නවා. කොහොම හරි එන්න එන්න හිම පතනය වැඩි නිසා මේ තාවකාලික නවාතැනේ ඩර්බි එක්ක අර හතර දෙනා නැවතිලා බලාගෙන ඉන්නවා. මේ නවාතැන් පලේම නවත්තලා තියන වැන් එකක අවුරුදු 12 ගැණු ළමයෙක් පැහැරගෙන දාගෙන ඇවිල්ලා ඉන්නේ. එහෙම අරන් ආපු කෙනාත් මේ සිව් දෙනා අතරම ඉන්නවා. ඉතින් මේ කෙනා කවුද? ඇයි මේ ගැණු ළමයෙක්ව පැහැරගෙන ඇවිල්ලා තියෙන්නේ.. මේක මේ නවතැන් පලේ ඉන්න අනික් කට්ටියට අහුවේවිද? දැනගන්න නම් අනිවාර්යෙන් මේක අරන් බලන්නම වෙනවා. මේකේ සිපගැනිමේ දර්ශනයක් ඇරෙන්න වෙන අවුලක් නැති නිසා පවුලේ හැමෝටම බලන්න පුලුවන්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “No Exit (2022) සිංහල උපසිරැසි” No.Exit.(2022).Sinhala.Subtitle.rar – Downloaded 3648 times – 620 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    දුලාජ් අභයවර්ධන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
      ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Leave a Reply to Ratta Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram