spot_img
spot_img
More

    Pet Sematary (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කතාව සිද්ද වෙන්නේ නව පරිසරයක නව නිවස්නයකට පදිංචියට යන පවුලකට සිද්ද වෙන බිහිසුණු ව්‍යසනයක් වටායි. ගොඩක් වෙලාවට horror සංසිද්දීන් වලට බළපාන බොහොම පොදු සාධකයක්. පදිංචියට එන්නටත් පෙරම අතිශය භයානක අපරාධයක් සිදුව ඇති බවට ඉඟියක් ලබා දීමෙන් පසුව, කුතුහලය උපරිමයෙන් අවුස්සලායි සිද්දිය මුල සිටම පෙන්වන්නේ. “Pet Sematary” කියන භූමිකාව නම් ඉහළම මට්ටමේ ගුප්ත බවකින් ඉදිරිපත් කර තිබුනා. නන්නාඳුනන ළමුන් පිරිස සහ ඔවුන්ගේ අද්භූත අවමංගල පෙරහර එක්තරා ආකාරයක cult ritual එකක සිරි ගන්නා අතර ළමුන් පැළැඳ සිටිනා විකාරරූපී සත්ව අනුරූ වෙස්මුහුණු තුළින් අමුතුම ත්‍රාසයක් ලබා දෙනවා.මළගියවුන්ගේ තතු කෙසේ වෙතත් චිත්‍රපටයේ ජීවය වෙන්නෙ නම් තවමත් වයස අවුරුදු නවයක් වෙන Jete Laurence නම් අපූරු කුඩා දැරියගේ රංගනයම තමයි. එකකට එකක් පරස්පර විරෝධී භූමිකාවන් දෙකක් ඈ අපූරුවට නිරූපණය කරනවා. පළමුවැන්න ඇගේ සුරතල් පෙනුමටම සරිලන ආදරණීය එකක් නමුත් දෙවැන්න නම් ඉතා අභියෝගාත්මකයි. ඉතා සාර්ථක රංගන වින්‍යාසයක් සමඟින් ඇගේ කොටස තුළින් අවශ්‍ය කරන උපරිම දායකත්වය ලබා දී තිබෙනවා. සිදුවීම් සියල්ලම ඉතාම කෙටියෙන් නිමා වුණත් ඒ සියල්ලක්ම ඇගේ ආකර්ශනීයත්වය භාවිතා කරමින් සම්පූර්ණ කර තිබුනා. Horror act එකක් විදිහට ගත්තොත් වඩාත්ම සංත්‍රාසය දනවන්නේ රේචල් හෙවත් අම්මා මුහුණ දෙන අත්දැකීමම තමයි. අනිකුත් සියල්ලම තනිකරම violence භූමිකාවකට පමණක් කොටුවෙනවා. මට මේක perfect horror story එකක් නෙමේ නමුත් ඇති පදමට තිගැස්සෙන්නට ලැබීමෙන් ලැබූ භයංකර බවට නම් ලකුණු 10/10 ක් ම දෙන්නට පුලුවන්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Pet.Sematary.2019.Sinhala.Subtitle.rar – Downloaded 536 times – 24 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චානක ජයරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram