spot_img

Pizza 3 The Mummy (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Pizza 3 The Mummy (2023) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් තවත් හොද දෙමළ හොරර් චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේක පවුලේ හැමෝටම රසවිදින්න පුලුවන් නිර්මාණයක්. කලින් පිසා චිත්‍රපටි බලලා තියනවා නම් ඒ ගැම්මෙන්ම මේක බලන්න ලැස්ති වෙන්න නම් එපා. කලින් ෆිල්ම් දෙකේම අන්තිමට අපි නොහිතපු තැනකින් නේ ඉවර කරන්නේ. මේක නම් එහෙම කතාවක් නෙමෙයි. මේ පාර මේ චිත්‍රපටිය සමාන්‍ය හොරර් චිත්‍රපටියක්ම විතරක් කරලා. හැබැයි මේකේ තියන කතාව නම් හොදම විදියේ එකක් කියලා කියන්න ඕනි. කලින් චිත්‍රපටි නොබැලුවා කියලා මේක බලන්න කිසිම අවුලක් නැහැ. චිත්‍රපටියේ නම එක උනාට වෙනස්ම වෙනස් කතා මේකේ තියෙන්නේ…

කතාව ගැන කිව්වොත් පුරාණ ඊජිප්තු මමි බොනික්කෙක් ඉන්නවා මේ බොනික්කාට පුලුවන් පුරහද තියන දවසට ඒ කියන්නේ පෝය දවසට මැරුණ ආත්ම වලට මේ ලොකේට එන්න පාර හදලා දෙන්න. නාලන් කියන්නේ කැම කඩයක් කරන කෙනෙක්. දවසක් මේ කැම කඩේට ආපු කෙනෙක් අතින් මේ මමි බොනික්කාව කඩේ දාලා යනවා. අයිතිකාරයා හොයාගන්න බැරි උන නිසා මේ අය මේක කඩේ රාක්කෙක තියනවා. කොහොම හරි පුරහද පායන රැයක් උදා වෙනවා. එදා රෑ ඉදන් නාලන්ගේ මේ කඩේ ඇතුලේ වෙන්නේ හිනෙකින්වත් නොහිතපු දේවල්…. ඉතින් ඒ මොන වගේ දෙවල්ද? මේ බොනික්කා නිසා පණ ආව ආත්මය ඇයි මේ කඩේ අස්සේ සැරි සරන්නේ වගේ ගොඩක් දේවල් වලට උත්තර දැනගන්න වෙන්නේ චිත්‍රපටිය නැරබුවොත් තමයි… ගිහින් එන්නම් තව චිත්‍රපටියකින්…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram