spot_img

Ready Player One (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් එන්නේ 2018 නිකුත් උන තවත් නියමම චිත්‍ර‍පටියක්.. මේකේ බ්ලුරේ පිටපත් නිකුත් උනේ මේ සතියේ තමයි. මට ඉතින් සබ් කරන්න පුලුවන් සති අන්තේ නිසා කොහොම හරි ඊයේයි අදයි මේක කරලා ඉවර කලා. මොකද අද දෙන්න බැරි උනොත් තව සතියක් විතර මේක පරක්කු වෙන නිසා. ඒක නිසා වෙන වැඩ සේරම පැත්තක දාලා මේ චිත්‍ර‍පටිය කරලා අරන් ආවා.

මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ අපි කවුරුත් දන්න Steven Spielberg විසින්. ඔහුගේ චිත්‍ර‍පටි නරඔලා නැති කෙනෙක් නැති තරම්නේ. ඉතින් මේ චිත්‍ර‍පටිය ගැනත් තව විස්තර කියන්න උවමනා නැති වේවි… මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ Ernest Cline විසින් 2011 වසරේදි රචිත Ready Player One කෘතිය ඇසුරිනි. මේ චිත්‍ර‍පටි මේ වසරේ වැඩිම ආදායම් ලබපු චිත්‍ර‍පටි අතරින් හයවන ස්ථානය දිනාගන්නත් සමත් වෙලා තියනවා ඒ ඩොලර් මිලියන 582ක බොක්ස් ඔෆිස් ආදායමක් සමඟින්.

Tye Sheridan,Olivia Cooke,Ben Mendelsohn,T.J. Miller,Simon Pegg හා Mark Rylance වැනි නළුනිලියන් පිරිසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා… කතාව ගැන කිව්වොත් මේක සිදුවෙන්නේ 2044 වසරේ… ලෝකයම ත්‍රිමාන ක්‍රිඩා වලට ඇබ්බැයි හෙලා ඉන්නේ… මොකද කියනවා නම් ලෝකය එතෙක් මෙහෙත් නිර්මාණය කරපු සුපිරිතම වර්චුවල් රියැලිටි ගේම් එක වෙන ඕසියස් එක නිසා. මේක නිර්මාණය කරන්නේ ජේම්ස් හැලිඩේ විසින්…මේ ගේම් එකට හැමෝම වැඩි වශයෙන් ඇබ්බැයි වෙන්න පටන් ගන්නේ හැලිඩේ ගේ මරණයෙන් අනතුරුවයි… මොකද හැලිඩේ විසින් මිය යද්දි තමුන්ගේ මේ බිලියන ගානක් වටින මේ පරිගණක වර්චුවල් ක්‍රිඩාව නිපදවපු ආයතනය වගේම ඔහු සතුව ඇති සියළුම දේපල ලබා ගන්න මේ රියැලිටි ගේම් එක ඇතුලේ අභියෝගාත්මක තරඟ වට තුනක් නිර්මාණය කිරිම. මේ තරඟවට තුන ජය ගත්තොත් එම කෙනාට ඔහුගේ සම්පුර්ණ ධනයම හිමිවෙනවා. නමුත් මේ අභියෝගාත්මක තරඟ තුන ජයගන්න එක හිතන තරම් ලේසි නැහැ. හැලිඩේ මරණය වෙලා අවුරුදු ගානක් ගියාත් කාටවත් එකඳු හෝ අභියෝගයක් ජයගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ… ඉතින් මේ තරඟය දිනන්න උත්සහා කරන වේඩ් වොට්ස් කියන තරුණයා වටායි කතාව ගෙතෙන්නේ. ඔබ පරිගණක ක්‍රිඩා කරන කෙනෙක් නම් ඔබට ඇත්තම මේ චිත්‍ර‍පටියට හිත ඇදිලා යාවි… පුලුවන් නම් 1080P කොපියම අරන් බැලුවාත් පාඩුවක් නැහැ… මොකද මේක ටිකක් ගුණාත්මක පිටපතක් එක්කම බලන එක වටින නිසා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram