More

    Riverdale (2017) S01 සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද ඉතිං කස්ටියටම..ඔන්න මම මගේ පලවෙනි ටිවි සිරිස් එක අරගෙන ආවා…කලින් ඇරෝ එකට එහෙම සමහර කොටස් වලට විතරක් සබ් කරලා තිබුනට මේක තමයි මම සම්පුර්ණයෙන්ම කරපු ටිවි සිරිස් එක. සමහර අයටනම් මෙකේ නම දැකපු ගමන් දන්නවා ඇති මෙ කතාව ගැන. ඇත්තටම රිවර්ඩේල් කියන්නේ කොමික් කතාවක් කොමික් කතා වලදි මේකේ නම රිවර්ඩේල් නෙමෙයි ආර්චි කොමික් කියලා තමයි හදුන්වන්නේ. මොකද මෙ කතාවේ ප්‍රධාන චරිතයේ නම තමයි ආර්චි. මොකද මේ ආර්චි කියන ළමයයි එයාගේ පාසලේ යාලුවොයි වටා තමා මේ කතාව ගලාගෙන යන්නේ. මෙයාලා ජිවත් වෙන ටවුන් එකේ නම් තමයි රිවර්ඩේල් කියන්නේ.

    කතාව වෙන්නේ මෙහෙමයි මෙයාලගේ පාසල ගිම්හාන නිවාඩුවෙන් පස්සේ අලුතින් පටන් ගන්න දිනය ලන් වෙනවා ඔය අතරේ රිවර්ඩේල් වල වැදගත්ම පවුලක ළමයෙක් මැරෙනවා. එයා මැරෙන්නේ දියේ ගිළිලා කියලා හිතුවත් කතාව බලාගෙන යනකොට වැටෙහෙනවා එයා දියේ ගිලිලා මැරිලා නෙමෙයි එයාව වෙඩි තියලා මරලා කියලා ඔන්න ඔතනින් තමයි මේ රිවර්ඩේල් කියන ටවුම වෙනස් වෙන්න පටන් ගන්නේ. හැමෝම මේ ගැන හොයන්න පටන් ගන්නවා ඔන්න එතකොට තමයි අපේ කතාවේ නායකයා වෙන ආර්චි සහ ඔහුගේ යාලුවෝ වෙන බෙටි, ජග්හෙඩ්, වෙරෝනිකා මේ අයගෙත් උදව් ඇතිව මේ මිනිමැරුම කරපු මිනිමරුවව අල්ලන්න යන්නේ. මුලිකව සරලවම කිව්වොත් ඕක තමයි කතාවේ සාරාංශය ඒවුනාට මීට වඩා දේවල් කතාව බලනකොට ඔයාලට දකින්න ලැබෙයි.
    කතාව විකාශය වුනේ මේ අවුරුද්දේ ජනවාරි 26 ඉදන් මැයි මාසේ 11 වෙනිදා වෙනකම්. මෙහි පළමු කතා සමයට කොටස් 13 ඇතුලත් වෙනවා. ඒවගේම IMDB 8 අගයකුත් කුණු තක්කාලියෝ 90% අගයකුත් දීලා තියෙනවා. ඔයාලට තේරෙන විදියට ඉතා සරල විදියට තමයි උපසිරැසිය කරලා තියෙන්නේ. අඩුපාඩු තියෙනවනම් ඒවත් පෙන්නලා දෙන්න. මෙහි දෙවනි සමය ඔක්තෝම්බර් මාසයේ තමයි විකාශය වෙන්න පටන් ගන්නේ. එහෙනම් ඒ කතා සමයත් අරගෙන එන බලාපොරොත්තු ඇතිව ගිහින් එන්නම්. හැමෝටම ජයවේවා..
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
    • පහත ගොනුවේ කොටස් 13ම උපසිරැසි ලබා දි ඇත.

     

    Download “සිංහල උපසිරැසි” Riverdale.(2017).S01.rar – Downloaded 2835 times – 267 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram