today-is-a-good-day
More

    Rogue (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Megan fox කිව්වම, හොලිවුඩ් ෆිල්ම් වල සුරුපිනියන්ට වශී වෙලා ඉන්න කෙනෙක්ට නන්, ලේසියෙන් අමතක වෙන්නේ නැති නමක් සහ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනෙක්. 😁 මාත් එහෙමයි. ඒ කොලු ගතිය. මේ සුරූපී නිලියව අපි මුලින්ම දකින්නේ 2004 Transformers ෆිල්ම් එක ආවට පස්සේ දන්නවනේ ඒ ෆිල්ම් එක තාම පට්ට ගහනවා කිව්වොත් බොරු නෙවේ. මෙයා හිටපු තවත් ෆිල්ම් එකක් කිව්වොත් නම් මේක නම් අපේ ළමා කාලේ සුන්දර කරපු චරිත වලින් හදපු ෆිල්ම් එකක්, Teenage Mutant Ninja Turtles ඔහොම කිව්වම දන්නේ නැත්තන් මෙහෙම කිව්වම දන්නවද බලන්න” අපි රජ ඉබ්බෝ” ආ මතකනේ. ඉතින් මේ ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිතය රගපාන්නේ මේ අපේ fox සුන්දරිය.

    ක්‍රියාදාම සිනමාපටවල සුපිරි වැඩ්ඩෙක් කිව්වත් අවුලක් නෑ. ඔන්න fox 2020 දී එලියට එන්නේ සුපිරිම ෆිල්ම් එකක් අරන්. නම තමා ” Rogue” කතාව මේකයි, අප්‍රීකාවේ ආණ්ඩුකාරවරයාගේ දුව පැහැරගෙන යනවා, මැර කල්ලියක්. ඉතින් ඒ කෙල්ලව බේරගන්ඩ කුලියට යවන සෙට් එකේ ලොක්කා තමා අපේ fox. කතාවට නන් සමන්තා. ඔය සීන් එක අස්සේ ඔය අප්‍රීකාවේ සිංහ වෙලදපොල කියලා එකක් තියෙනවා, එකේ කරන්නේ සිංහයෝ මරන එක. ඉතින් අර කෙල්ලව බේරගෙන එද්දී , මේ සිංහ කේස් එකත් එක්කත් හැප්පෙන්ඩ අපේ සෙට් එකට සිද්ද වෙනවා.

    ඉතුරු ටික කිව්වම කතාවේ මොරාල් එක බහිනවා. ඒ හින්දා අනිවා මේක බලන්නම ඕන ෆිල්ම් එකක්. ලොකු, කුඩා ,බාල , මහලු එකට වාඩිවෙලා පෝප්කෝන් එකක් කන ගමන් ඇස් උඩ තියන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්.

    Imdb රේටින් නම් 3.9 දෙන්නේ. හැබැයි ඕකේ 9/10 තියෙන ෆිල්ම් එකක් බැලුවොත් එක්කො නිදී, නැත්තන් සංසාරේ එපාවෙනවා. සිරාම කිව්වොත් ඕකේ 5ට වඩා විතරක් තියෙන ෆිල්ම් බලන්න ගිහින්, සුපිරි ෆිල්ම් ගොඩක් බලන්න නැතුව මිස් උනා. මේකත් මිස් වෙන්න ගිහින් බැලුවේ. බැලුවට පාඩූ නෑ, 2020 දැනට ආපු ඒවගෙන් හොදයි කියන්න පුලුවන් ෆිල්ම් එකක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Rogue(2020).Sinhala.Subtitle.rar – Downloaded 5844 times – 836 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තරිදු ශාලින්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. විස්තරය කියෙව්වට පස්සෙ සබ් එක බාගත්ත .සිංහල සබ්ටයිල් එකට ස්තුතියි සහෝ.. අනිවා බලන්න ඔනේ 💚💚💚💚

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request :
      HITMAN: AGENT JUN (2020)
      Cut Off (Abgeschnitten) (2018)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram