spot_img
spot_img
More

    Salems Lot (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Salems Lot (2024) Sinhala Subtitle

     

    ඔන්න එහෙනන් ටික කාලෙකට පස්සෙ අධ්‍යාපන වැඩකටයුතු අස්සෙ උනත් කාලෙකින් උපසිරැසියක් කරපු නැති නිසා බලන් ඉදලා බලන් ඉදලා සුපිරි පහේ චිත්‍රපටයක් නිකුත් වෙලා තියෙන නිසාම මේකට උපසිරැසිය දෙන්න හිතුවා මේක තමයි ඔක්තෝබර් 3 වැනිදා නිකුත් උනු ” Salem’s Lot ” කියන චිත්‍රපටය ආයෙ අටුව ටීකා ඕනෙ නෑ සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් එකක් මේක…

    iMDB දර්ශකයේ මේ වෙද්දි 6.7ක අගයක් වගේම 49%ක කුණු තක්කාලි අගයකුත් අරගෙන තියෙනවා මේක අධ්‍යක්ෂණය කරන්නෙ වෙන කවුරුත් නෙවෙයි Annabella : Home Coming 2019 අධ්‍යක්ෂණය කරපු Gary Dauberman මහත්තයා…

    මෙම Salem’s Lot කියන චිත්‍රපටය හදන්න පාදක කරගන්නෙ ඇමෙරිකාවෙ බිහිවුණු අති දක්ෂ කතුවරයෙක් වෙන Stephen King 1975දී රචනා කල Salem’s Lot කෘතිය ඔස්සෙ වීම විශේෂයක් Stephen King ලියපු ගොඩාක් කෘති වලින් චිත්‍රපට හැදිලා තියෙනවා වගේම ඒවා අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා ඒවගෙන් ටිකක් නම් කලොත් The Green Mile , IT , Doctor Sleep , The dark Tower , The Shinnig , Pet Sematary , Bogeyman වගේ ජනප්‍රිය වගේම IMDB දර්ශකයේ ඉහල අගයක් ගත්තු චිත්‍රපට රැසකටම දායක වෙලා තියෙන්නෙ Stephen King ලියපු කෘති ඉතින් Salem ‘ s Lot කියන්නෙත් එයාගෙම කෘතියකින් නිර්මාණය උනු චිත්‍රපටයක් කියන්නෙ එසේ මෙසේ එකක්නම් වෙන්න බෑනේ…

    එහෙනන් කතාව වැඩිය මම කියන්නෙ නෑ…..
    සේලම්ස් ලොට් කියන්නෙ ඇමරිකාවෙ ජනාවාසය අඩු නිස්කලංක නගරයක් මේ නගරයට පෙට්ටගමක එනවා අමුත්තෙක් එසේ මෙසේ අමුත්තෙක්නම් නෙවෙයි එයා ආවට පස්සෙ මේ නගරෙ සම්පූර්ණයෙන්ම කණපිට ගැහෙනවා ළමයි අතුරුදහන් වෙනවා ගොඩාක් දේවල් වෙනවා මේ අතරෙදි මේ නගරයට ඇවිත් ඉන්නවා බෙන් කියලා කතුවරයෙක් ඉතින් එයා මේකට සම්බන්ධ වෙන විදිහත් ඔයාලම බලන්නකෝ මුල් විනාඩි 30 තමයි තරමක් බෝරින්ග් අනික් පැය එකහමාරම ඇහැ අයින් කරගන්න අමාරු වෙයි මේකෙ අසභ්‍ය දර්ශන මුකුත් නෑ පවුලේ සැමට බලන්න පුලුවන් හැබැයි බය වෙන්න එපා…

    ගිහින් එන්නම් එහෙනන් ආයෙත් තවත් උපසිරැසියකින් හම්බෙමු කට්ටියටම බුදු සරණයි….!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති Bluray හා WEB පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Salems Lot (2024) සිංහල උපසිරැසි” Salems.Lot.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1003 times – 714 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    එස්.ඩිල්මිත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් …….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. බොහෝම ස්තූතියි සහෝ සබට….
      ඩවුන්ලෝඩ් ලිංක් එකත් අප්ලෝඩ් කරන්න………

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram