More

    Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ටික කාලයකට පස්සේ උපසිරැසි ගැන්විමට එකතු උනා… කාලයක් සබ් දාන්නේ නැතුව ඉදලා චිත්‍ර‍පටියක් ඉල්ලගෙන කරන ගමන් තමයි ඇඩ්මින් මේ චිත්‍ර‍පටිය කරලා දෙමුද කියලා ඇහුවේ. ඉතින් ඒ ඉල්ලිමත් අහක දාන්න බැරි නිසා වගේම දෙමළ චිත්‍ර‍පටියක් කරපු නැති නිසාත් මං හිතුවා මේ චිත්‍ර‍පටිය අරගෙන කරන්න…. පසුගිය මැයි 19 වන දින තිරගත වීම ඇරඹුනු හොල්මන්,හාස්‍යජනක ලෙස වර්ගීකරනය වෙමින් Ike ගේ අධ්‍යක්ෂනයෙන් හා Fox Star Studios හා Atlee ගේ නිෂ්පාදනය ආයතනයේ නිෂ්පාදනයෙනුත් හැඩවී, රංගනයෙන් සුපිරි නලු ජීවා සමගින් සුරූපී නිළි ශ්‍රී දිව්‍යා එක් වී තිබෙන බොක්ස් ඔෆීස් හිට් එකක් අරන් තමයි අද ආවේ.

    අපේ කතා නායකයා වාසු (ජීවා) බ්‍රෝකර් කෙනෙක් එහෙමත් තැරැව් කාරයෙක් විදිහට වැඩ කරන කෙනෙක්.මෙයා සූරි කියලා යාලුවෙක් එක්ක තමයි ඔය බිස්නස් එක කරගෙන යන්නේ.දෙන්නා එකතුවෙලා පොඩි පොඩි කූට වැඩත් කරන් නැතුවාමත් නොවේ.හැබැයි වාසු මේ විදිහට ඉක්මනින් සල්ලි හොයන්නේ පොඩි කාලේ තමන්ගේ අම්මයි එයයි විඳපු දුක් ගැට වලට පිලියමක් ලෙස තමන් විසින්ම තමන්ටම කියලා ගෙයක් මිලදී ගන්නා බවට තම අම්මාට කල පොරොන්දුවක් ඉෂ්ඨ කිරීමටයි.කොහොමහරි නිවසක් වාසු තමන්ගේ දුක් මහන්සියෙන් මිලදී ගන්නවා,ඒකත් එසේ මෙසේ ගෙයක් නෙවෙයි,තමන් පොඩි කාලේ අම්මට පෙන්වපු ගෙයම තමයි එයා සල්ලි වලට ගන්නේ.වාසු එයාගෙ අම්මවයි යාලුවයි,තමන්ගේ හැමදේටම ඉන්න මාමගේ පවුලේ අයවයි එක්කගෙන මිලදී ගත්ත නිවෙස බලා යනවා.එහෙට ගියාමයි දැනගන්නේ එහේ තවත් පවුලක් පදිංචි වෙලා ඉන්නවා කියලා.ඒ කට්ටියත් එසේ මෙසේ කට්ටියක් නෙවෙයි.මේ ගේ එයාලගෙමයි කියලා වාසු එක්ක ඔට්ටු අල්ලනවා.කරන්න දෙයක් නැතිම තැන වාසුයි එයාගේ යාලුවයි තිරනය කරනවා මේ කට්ටියව හොල්මන් ඉන්නවා කියලා බය කරවන්න.පස්සේ මෙයාලට දැනගන්න ලැබෙනවා මේ ගෙදර ඇත්තටම හොල්මන් තියෙනවා කියලා.ඊටපස්සේ මොනා වෙයිද කියලා අරන්ම බලන්න.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ්පිටපත් සදහා ගැලපේ

     

    Download “Sangili Bungili Kadhava Thorae (2017) සිංහල උපසිරැසි” Sangili.Bungili.Kadhava.Thorae.(2017).Sinhala.Subtitle.rar – Downloaded 228 times – 50 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දුලාජ් අභයවර්ධන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram