More

    Sapta Sagara daache Ello Side B (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Sapta Sagara daache Ello Side B (2023) Sinhala Subtitle

    කොහොමද ඉතිං? ඔන්න එහෙනම් අද අරන් ආවේ ඔයාල කලින් බලපු Sapta Sagaradaache Ello චිත්‍රපටයේ දෙවෙනි කොටස. ඒ කියන්නේ,  Sapta Sagaradaache Ello – Side B (2023). තවම කලින් චිත්‍රපටය නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒක අනිවාරෙන්ම බලලා ඉන්න. කථා දෙකම එකට සම්බන්ධයි.

    කන්නඩ සිනෙමාව කියන්නේ ඉදල ඉදල එක පාරට අනර්ඝ චිත්‍රපට එකතු කරන ක්ෂේත්‍රයක්. ඉතිං ළඟදිම එලෙස බොහෝ ප්‍රේක්ෂක පැසසුම් එක්ක තිරගත වීම ඇරඹි සහ තවමත් තිරගත වෙන චිත්‍රපටය තමයි අද මම මේ අරන් ආවේ. මේකත් කලින් එක වගේම Romance / Drama ශාරණයන්ට අයත් වෙනවා.

    ඔයාල කලින් කථාව බැලුව නම් ඒක ඉවර වුණ විදිය දැක්කනේ. ඉතිං මනූ සිරගත වී වසර 10කට පස්සෙ නිදහස් වෙලා ඇවිල්ලා අලුත් ජීවිතේට මුහුණ දෙන හැටි තමයි මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නේ. ඔහුගෙ මිත්‍රයෙක් වුණු ප්‍රකාශා එක්ක එකතු වෙලා අලුත් දිවියක් අරඹන්න හැදුවත්, ප්‍රියා ගැන ඇති මතකයන් නිසාවෙන්, ඔහුට ඒ කිසිවක්ම කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු තීරණේ කරනවා ඇයව එක පාරක් අවසන් වතාවට ඈතින් සිට බලා ඒමට.

    ඉතිං මනූට අලුතින් මුණ ගැහෙන තරුණිය තමයි සූරබී කියන්නේ. එය අපි හිතපු විදියෙ චරිතය නම් නෙවෙයි. වෙනස්ම විදියකින් තමයි ඇය මනූ අසලට එන්නේ.  පලවෙනි චිත්‍රපටයේ දැක්කා ප්‍රියා විවාහ වී යනවා. ඉතිං මනූ ඇයව හොයන් යනවා ඇය දැන් සතුටින් ඉන්නවා ඇති කියලා හිතලා, ඇයට වදයක් නොවී ඈතින් සිට බලා ඒමට. ඉතිං ඉතකොට තමයි මනූට තේරුම් යන්නෙ ප්‍රියාගෙ දිවිය හිතපු තරම් සුන්දර නැහැයි කියලා. ඒ නිසා මනූ වසර 10 ඇතුළත ඇයට සිදු වුණු දේවල් සොයන්න ගන්නවා. ඔහොම තමයි මේ කථාව ඇරඹෙන්නේ.

    පරණ මතක බොහෝ සෙයින් මනූගෙ සිතේ හොල්මන් කරන නිසාත්, ඔහු තවමත් ප්‍රියාට ආදරේ කරන නිසාත්, මොහුට සිටිය නොහැකි තැන මොහු දුර හිඳ හෝ ප්‍රියා දෙස බැලීමට තීරණය ගත්තත් මොහුටත් එක් බැල්මකින් එය ප්‍රමාණවත් වන්නෙ නැහැ,

     

    පසුගිය චිත්‍රපටයේ භාගෙට ඉවර වුණු ගීත මෙහෙ සම්පූර්ණ වශයෙන් දැකගන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටයේ නාමය
    “සත් සමුඳුරට එපිට කොහිදෝ තැනක සිට” කියන එකෙ තේරුමත් අවසානය වන විට තේරුම් ගන්න පුළුවන් වෙයි.

    එහෙනම් අදට සමුගන්නම්!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Sapta Sagara daache Ello Side B (2023) සිංහල උපසිරැසි” Sapta.Sagaradaache.Ello.Side.B.2023).Sinhala.Subtitle.rar – Downloaded 2378 times – 1,006 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. ස්තුතිය අශේන් අයියා සබ් එකට..වෙබ් ආවහම බලමු

    2. තෑන්ක්ස් මචං සබ‍ට…
      ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ…

    3. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ………
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
      Mahansiyata godak pin saho…
      web quality balanna on ekak meka..
      Update one…………………..

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram