spot_img

Spy (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Spy (2023) Sinhala Subtitle

එක දිගට මලයාලම් චිත්‍රපටි පේලියක් නේ අරන් එන්න සිද්ද උනේ. ඉතින් එකෙන් මිදිලා ආපහු තෙලෙගු චිත්‍රපටි කිහිපයකට උපසිරැසි කරන්න කියලා හිතුවා. Garry BH විසින් අධ්‍යක්ෂණය කරන ලද Nikhil Siddharth හා Iswarya Menon ප්‍රධාන චරිත වලින් රංඟන දායක වෙන චිත්‍රපටියක් තමයි මේ ස්පයි කියන්නේ. නිකිල් ගේ කලින් චිත්‍රපටි එක්ක ගත්තාම නම් එයාගේ චිත්‍රපටි වල අමුතුම ආකාරයේ වයිබ් එකක් තිබ්බා නේ. හැබැයි මේ චිත්‍රපටිය නම් ඒ විදියේ කුතුහලය ගෙනදෙන ලොකු කතාවක් නම් නැහැ.. මමත් නිකිල් ඉන්න නිසාමයි මේක කරන්න හිතුවේ එත් ඔහුගේ කලින් චිත්‍රපටි තරම් නම් මේක වැදුනේ නැහැ…

චිත්‍රපටියේ කතාව ගැන කියන්නම් කෝ.. ජේ (නිකිල්) කියන්නේ රෝ සංවිධානයේ සමාජිකයෙක්. මොහුගේ අයියාත් රෝ සංවිධානයේ සමාජිකයෙක්… මොහුගේ අයියාව එක්තරා මෙහෙයුමකදි මරලා දානවා. ඒ මෙහෙයුම තමයි කදීර් ඛාන් කියන ත්‍රස්තවාදියාව මරලා දාන එක. ඔවුන් සාර්ථකව කාදීර් ඛාන්ව මරා දානවා. නමුත් මේ මෙහෙයුමෙන් ජේගේ අයියාගෙත් ජිවිතේ නැති වෙනවා. මෙහෙම මරලා දාපු ත්‍රස්තවාදියා අවුරුදු තුන හතරකින් ආපහු පන පිටින් ඉන්නවා කියලා විඩියෝ එකක් නිකුත් කරනවා. නිකම්ම නෙමෙයි ඉන්දියාවට ලොකු තර්ජනයකුත් කරලා. ඒ රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරනවා කියලා බිය ගන්වලා. ඉතින් තමන්ගේ අයියාට මොනාද එදා උනේ.. ඔහුගේ අයියා එදා කාදීර්ව මරලා දැම්මා නම් මේ ආපු කෙනා කවුද? මේ ප්‍රහාරයෙන් ඉන්දියාව ගලවාගන්න ජේ ඇතුලු රෝ කණ්ඩායමට පුලුවන් වේවිද? එහෙනම් අරන් බලන්න ස්පයි චිත්‍රපටිය.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නුවන්ග ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. thank you bro
    meke link eka zoom link hub eke pennane na poddak balanna puluwanda
    kawruhari meka gaththu kenekuta puluwannam eke link eka comment wala danna puluwanda

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram