spot_img

The Girl In The Spider’s Web (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලේකට පස්සේ ඔන්න උපසිරැසියක් අරන් තමයි මේ ආවේ…. ඒ වගේම සතුටු දායක ආරංචියකුත් දැනගන්න ලැබුනා… සුම් හා බයිස්කොප් කියන සහෝදර වෙබ් අඩවි දෙක අතර තිබුන ක්‍රිකට් තරඟාවලියෙන් සුම් කණ්ඩායම ජයග්‍රාහණය කලා කියලා… ඒකටත් ඔන්න හදවතින්ම අපේ කණ්ඩායමට සුභ පතනවා David Lagercrantz විසින් රචිත The Girl in the Spider’s Web කතෘය අනුසාරයෙන් තමයි මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ… Claire Foy,Sverrir Gudnason හා LaKeith Stanfield රංඟනයෙන් දායක වෙන මේ චිත්‍ර‍පටිය 2018 නොවැම්බර් මස තමයි තිරඟත විම ආරම්භ කලේ.. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් එහෙම ලිසබෙත් සැලැන්ඩර් කියන්නේ vigilante hacker කෙනෙක්.. හරියට ඇරෝ කතාමාලාවේ ඔලිවර්කුවින් වගේ… ඇය සමාජයේ අසාධාරණව ජිවත් වෙන පුද්ගලයින්ව ඉලක්ක කරලා දඩුවම් කරනවා. පොලිසියට නම් ලිසබෙත් කියන්නේ ලොකු හිසරදයක්…. මෙහෙම ලිසබෙත් ජිවත්වෙන්නත් එක හේතුවක් තියනවා.. ඒක චිත්‍ර‍පටිය නැරබද්දි ඔබට පැහැදිලි වේවි… කොහොම හරි දිනක් ලිසබෙත්ට වැඩක් පැවරෙනවා. න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක කල හැකි පරිගණක වැඩසටහනක් හැක් කරලා ඒක අරන් එන ලෙසට… ඇය ඒ වැඩේට කැමැති වෙනවා නමුත් මේ ක්‍රියාවේ අවධානම දැනෙන්න ගන්නේ මේ පරිගණක වැඩසටහන ඇය විසින් හැක් කලාට පස්සේ තමයි…. හොද ක්‍රියාදාම චිත්‍ර‍පටියක් රසවිදින්න කැමැති නම් දෙපාරක් හිතන්නේ නැතුව මේක අරන් බලන්න… ඒ වගේම තව චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා… හැමෝටම සුභ දවසක්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram