සුභ දවසක් වේවා . අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ Serial Killer කෙනෙක් ගැන කියවෙන අතිශයෙන්ම දරුණු ගණයේ ෆිල්ම් එකක්. මේකේ තව USA වල මේක පෙන්නුව එකම එක දවසෙත් ෆිලුම පටන් අරන් පැයක් යන්න කලින් 100 දෙනෙක් විතර හෝල් එකෙන් පිටව ගිහිං තියෙනව!!! එච්චරකට දරුණු ෆිල්ම් එකක්.IMDb – 6.9/10 ලැබිලා තියෙනවා . Breaking the Waves (1996), Dancer in the Dark (2000) ,Dogville(2003) Antichrist (2009) වගේ වෙනම ශෛලියක චිත්‍රපටි ගෙනාපු Lars Von Trier ගේ අළුත් ම එක තමයි මේ.
මේ ස්ටෝරිය , “මානසික ව්‍යාධියකින් පෙළෙන Serial killer කෙනෙක් කරන මිනීමැරුම් වල පෙළගැස්මක්” කියල හදුන්වනවාට වඩා “තමංගෙ ජීවිතය හා තමන් ගෙ අපරාධ ගැන අපායට යන ගමන් පාපොච්චාරණයක් කරන ගෘහ නිර්මාණ ශිල්පී – ඉන්ජිනේරුවකු වටා ගොඩ නැගී ඇති කතාවක්” කිව්වොත් වඩාත් නිවැරදියි.
Jack විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Matt Dillon. මේක Matt ගෙ ජීවිතෙ හොඳම රංගනය කිව්වොත් හරි. ෙපුංචි කාලෙ තාරා පැටියෙක් ගෙ කකුල් කපල, ඌව වතුරට දාල, ඌ පීනන්න බැරුව දඟලන විදිය බලල කුරිරු සතුටක් ලබන කුඩා Jack ගෙ අමුතු කුරිරු අපරාධකාරි , විටෙක නිර්මාණශීලි – කලාත්මක ජීවිතෙ අන්තිම අවුරුදු 12 ගැන තමයි චිත්රපටියෙ මූලිකවම කියවෙන්නේ… මිනීමැරීමත් යම් කලාවක් ලෙස දැක , මිනීමැරුම් වල කලාත්මක බව චිත්‍රපටය තුල යම් තාක් දුරකට අගයන බැවින්, චිත්‍රපටිය බලන ගමන් ගෘහ නිර්මාණ ශිල්පය, වාස්තු විද්‍යාව , චිත්‍ර , පිළිම ආදි දේ ගැන මෙතුවක් කල් නොලබපු දැනුමක් ලබන්න පුළුවන්.
සමහර අයට මේක බලන්න අමාරු වෙයි. සමහර මිනීමැරුම් කරන විදිය ගැන මේකෙ ලියන්නත් බැරි තරම් සාහසිකයි!! ඒත් හැම දර්ශනයක් ම මාරම තාත්වික – යථාර්ථවාදී විදියට අරන් තියෙනවා.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
Supiri .thanks bro 💚🍿
niyamai. me wage ewat balanna one. elama tanx sub ekata
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks jayawewa……!
thanks.