spot_img

The Hurricane Heist (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මුලින්ම මේ චිත්‍ර‍පටියේ සබ් එක අරන් එන්න ලොකු උදව්වක් දුන්න ඉමාෂාව මතක් කරන්න ඕනි. ඊයේ මාසේ අන්තිම දවසේ ඉතිරි ඩේටා තියනවා කියලා ෆිල්ම් මොනාද හොද එවා ඩවුන්ලොඩ් කරගන්න කියලා අහලා අන්තිමට මේ චිත්‍ර‍පටිය කරලා දෙන්න කියන එකෙන් තමයි කතාව ඉවර උනේ. කොහොම හරි බාගේ බාගේ දාලා ඉවර කරන්න උත්සහා කරමු කිව්ව නිසා ලයින් 600 – 600 බෙදාගෙන ෆිල්ම් එක කරලා ඔන්න අරන් ආවා. මේ චිත්‍ර‍පටිය දාන්න දාන්න කියලා පහුගිය දවස් ටිකේම ඉල්ලිම් තිබුන නිසායි කොහොම හරි මේක පුලුවන් ඉක්මනට කරලා දෙන්න හිතුවේ. ඒක නිසා පාන්දර වෙනකම් නිදිමරාගෙන සබ් එක කරලා එව්වාට ස්තුති කරන ගමන්ම මගේ කොටසත් මං අහවර කරලා අද දවස ඇතුලතම ඔන්න චිත්‍ර‍පටිය අරන් ආවා..

Rob Cohen විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය තිරඟත කිරිම ආරම්භ කලේ 2018 මාර්තු 9 වැනිදා. හිතුව තරම් ලොකු ආදායමක් නම් මේ චිත්‍ර‍පටිය ලබා ගත්තේ නැහැ. IMDB දර්ශකයෙත් චිත්‍ර‍පටිය 4.9ක අඟයකට තමයි හිමිකම් කියන්නේ. නමුත් චිත්‍ර‍පටිය නම් කම්මැලි බලාගෙන ඉන්න පුලුවන් කියලා කියන්නම ඕනි. රේටින් අඩු උනේ ඇයි කියන එක නම් හිතාගන්න බැහැ. මොකද චිත්‍ර‍පටියේ ඒ තරම් ගැටළුවක් පෙන්නේ නැහැ එහෙම වෙන්න. සමහර විට කතාවේ ටිකක් බොරු ගතිය වැඩි නිසාත් එහෙම උනා වෙන්න පුලුවන්.. කොහොම හරි කතාව ගැන කිව්වොත් ඇමරිකාවේ ඇලබාමා වල තියන රාජ්‍ය භාණ්ඩාගාරය බිදින්න සොරුන් කණ්ඩායමක් සැලසුම් කරනවා. ඔවුන් මේ භාණ්ඩාගාරයෙන් බිලියන 600ක මුදලක් පන්වන්න තමයි හදන්නේ. ඔවුන් මේක කරන්න හදන්නේ කුනාටුවක් එන කාලේක. මොකද කුනාටුවක් එද්දි මේ අසළ නගරය සම්පුර්ණයෙන් හිස් කරනවා.ඉතින් මොවුන්ගේ වැඩේට මේක පහසුවක්. නමුත් මේ සොරුන් කණ්ඩායම හිතනවාට වඩා මේ එන කුනාටුව නම් දරුණු වෙනවා. ඒක මෙතෙක් අවුරුදු 20කට ඇමරිකාවට බලපෑ දරුණුතම කුනාටුවක් බවට පත්වෙනවා. මේ කුනාටුව අස්සේ මේ මුදල් පැහැරගන්න කණ්ඩායම වගේම ඒක වලක්වන්න ක්‍රියා කරන කීප දෙනෙක් වටායි මේ චිත්‍ර‍පටිය ගෙතෙන්නේ. ආරම්භයේ ඉදන්ම ක්‍රියාදාම සපිරි මේ චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරනගමන් මං සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts
දර්ශණ නිශාන්ත පීරිස්

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram