spot_img

The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Ice Age: Adventures of Buck Wild (2022) කියන්නේ මේ කතා මාලාවේ ආපු හයවෙනි චිත්‍රපටිය. හැමෝම බලාපොරොත්තු වුනා, කලින් වගේ නැගලා යන තවත් චිත්‍රපටියක්. ඒත්, ගොඩාක් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩවෙච්ච චිත්‍රපටියක් කියලා මේක හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටි මාලාවේම තිබුණු හාස්‍යය සහ ත්‍රාසය මේ කතාවෙත් තිබ්බත්, මොකක්දෝ අඩුවක් තියෙනවා කියලා මට දැනුනා. ඔයාලාත් මේක බලලා, ඒ අදහස හරිද කියන්නකෝ. රේටිං වලටත් වෙලා තියෙන්නේ ඒ වගේම දෙයක්. මේ ලිපිය ලියන වෙලාවේ IMDB 4.7, RottenTomatoes 23%, Metacritic 30%, Google Users 54% පමණයි මේක හොඳ චිත්‍රපටියක් කියලා කියලා තියෙන්නේ.මේ චිත්‍රපටියත් නිෂ්පාදනය කරන්නේ කලින් ඒවාට නිෂ්පාදනයෙන් දායක වෙච්ච Denise L. Rottina වුනාට, අධ්‍යක්ෂකවරයා අළුත් කෙනෙක්. ඔහු John C. Donkin. ඒ වගේම හඬකැවීම් වලටත් සහභාගී වෙන්නේ, කලින් චරිත වලට පණ පෙවූ අය නෙමෙයි. ඒ වෙනසත් හොඳට දැනෙන එක, අඩුවක් විදියට දකින්න පුළුවන්. මේ චිත්‍රපටියේ හඬකැවීමෙන් දායක වෙනවා Vincent Tong (ක්‍රෑෂ්), Aaron Harris (එඩී), Simon Pegg (බක්), Justina Machado (සී) ඇතුළු පිරිසක්.

කතාව ගැනත් කෙටියෙන් කියන්නම්කෝ. මේ පාර කතාව දිවෙන්නේ එලීගේ සහෝදරයෝ දෙන්නා, පොසම්ලා දෙන්නා, ක්‍රෑෂ් සහ එඩී දෙන්නා, තීරණය කරනවා එයාලා දැන් තනියම ජීවත් වෙන්න සුදුසු තත්වයේ ඉන්නවා කියලා. මේ නිසා, එයාලා මැනී ඇතුළු රංචුව අතහැරලා දාලා නිදහස හොයාගෙන යනවා. මේ යන අතරේ, එයාලාට හමුවෙන්නේ, සැඟවුණු ලෝකයේ වීරය, බක්. මේ දෙන්නා, බක් එක්ක එකතු වෙලා, අළුත් සතුරෙක්ව පරාද කරන්නේ කොහොමද කියලා තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. ඉතිං, මේ උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳලා, හොඳ නරක කියන්න. ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram