spot_img
spot_img

The Magicians Elephant (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Magicians Elephant (2023) Sinhala Subtitle

 

පීටර් කියන්නේ සොල්දාදුවෙක් ළඟ හැදී වැඩෙන අනාථ දරුවෙක්. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, සොල්දාදුවෙක් ළඟ අනාථ දරුවෙක් හැදෙනකොට, එයාට සිද්ධ වෙනවා, සොල්දාදුවෙකුට අවශ්‍ය සියළුම පුහුණුව අරගන්න. මේ දරුවාටත් වුනේ ඒ පුහුණුවීම කරන්න. දවසක්, රෑ කෑමට අවශ්‍ය කරන පාන් සහ මාළු අරගෙන එන්න වෙළඳපොළට යන පීටර්ට දකින්න ලැබෙනවා, පේන කියන කෙනෙක්ගේ කූඩාරමක්. ඒකේ තියෙන්නේ, එක කාසියකට එක ප්‍රශ්නයකට උත්තරය දෙනවා කියලා. පීටර් ‍අතේ තිබුනෙත් එක කාසියක් විතරයි. එයා තීරණය කරනවා, ඒ කාසිය පාවිච්චි කරලා, එයාගේ නැතිවුණ සහෝදරිය, නංගී ඉන්න තැන ගැන දැනගන්න. ඔන්න ඕක තමයි කතාවේ ආරම්භය. ඉස්සරහා ගැන දැනගන්න නම්, මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

Kate DiCamillo නම් ‍ලේඛිකාව විසින් රචනා කරන ලද The Magician’s Elephant කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. Wendy Rogers විසින් අධ්‍යක්‍ෂණය කරන්න ‍තෝරගන්නේ, අර නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු Martin Hynes ගේ තිර රචනය. හැම හොඳ චිත්‍රපටියක්ම වගේ මේකත් බෙදාහරින්නේ Netflix ආයතනය. ඔවුන්‍ගේම නිෂ්පාදනයක් විදියට.

මේ චිත්‍රපටියේ කටහඬ දායකත්වය ලබා දීලා තියෙන්නේ, Noah Jupe (පීටර්), Benedict Wong (මායාකාරයා), Aasif Mandvi (රජතුමා), Natasia Demetriou (පො‍තේ ගුරා / පේන කියන්නිය) ඇතුළු පිරිසක්. චිත්‍රපටියේ වෙබ් රේටිං ගැනත් කියන්න ඕනෙනේ. ‍මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 6.6, rottentomatoes 65%, Google users 91% වගේ තම කැමැත්ත පළකරලා තියෙනවා. හොඳ ආරම්භයක් නේද?

එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක ලස්සන චිත්‍රපටිය රස විඳින්න! හැමදාම කියනවා වගේ, අපේ උපසිරැසි ගැන ගුණ දොස්, ගල් මල්, අඩුපාඩු යෝජනා අපිට දෙන්න. අපේ උපසිරැසි ගුණාත්මක කරගන්න ඒවා උදව් වේවි. එහෙනම්, ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “The Magicians Elephant (2023) සිංහල උපසිරැසි” The.Magicians.Elephant.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3733 times – 687 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram