spot_img

The Night House (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Night House (2020) කියන්නේ තවත් බයහිතෙන ලස්සන චිත්‍රපටියක්. ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් යොදාගෙන තියෙන නිසාම, සාමාන්‍ය බය හිතෙන චිත්‍රපටි වලට වඩා වෙනස් ස්වරූපයක් අරගන්නවා. චිත්‍රපටියේ තේමාව නිසාම, ප්‍රධාන නිලියට මුළු චිත්‍රපටියේම රඟපාන්න සිද්ධ වෙලා තියෙනවා. හරියට එයා තනියම රඟපෑවා වගේ. ඒ වගේ චරිතයකට ඉතාම සුදුසු නිළියක් තෝරාගෙන තිබීමම, මේ චිත්‍රපටියේ සාර්ථකත්වයට හේතු වුනා කියන්න පුළුවන්. මේ ලිපිය ලියන විට මේ චිත්‍රපටියේ ratings තිබ්‍බේ, IMDB 6.5, RotttenTomatoes 87%, Metacritic 68%, Google Users 74% තම මනාපය පල කරමින්.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ David Bruckner විසින්. මේ ඔහුගේ අති සාර්ථක චිත්‍රපටි අතරින්, ඉහල තැනක් අරගත්ත එකක්. නළු නිලියන් ‍තෝරා ගැනීම ලේසි පාසු දෙයක් නෙමෙයි මේ චිත්‍රපටියට. ඒ අභියෝගය අරගෙන, ජයගෙන, චිත්‍රපටියේ රඟපාන්නේ Rebecca Hall (බෙත්), Sarah Goldberg (ක්ලෙයාර්), Evan Jonigkeit (ඕවන්) සහ Stacy Martin (මැඩලින්) ඇතුළු සුළු කණ්ඩායමක්. මේ අතරින් බෙත්ගේ චරිතය රඟපාන Rebecca Hall අති විශිෂ්ඨ රංගනයක නිරත වුනා කියන්න පුළුවන්.

කතාව කෙටියෙන් කියන්නම්. බෙත් කියන්නේ සෑහෙන කාලයක් විවාහ ජීවිතය ගත කරපු වැන්දඹුවක්. එයාලා ජීවත් වෙන්නේ, සැමියා විසින් බෙත් වෙනුවෙන්ම සාදා නිම කරනු ලැබූ, වැවක් අසල ලස්සන නිවසක. සැමියාගේ මරණයෙන් දවස් කීපයකට පසුව, බෙත්ට දැනෙනවා, සැමියාගේ හොල්මන ඇය පසු පස්සේ එන බව. මේ පිළිබඳව වැඩි විස්තර සොයා යන බෙත්ට හමුවෙන්නේ, සැමියා පිළිබඳ විශ්වාස කල නොහැකි දේවල් කිහිපයක්. බෙත්‍ ගේ ඉදිරි ජීවිතය ගැන කතාව තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. මේ සිංහල උපසිරැසි සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    Request:
    Escape from Mogadishu (2021) – IMDb
    Warning (2021)
    Night Teeth (2021)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram