More

    The Princess Switch (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Princess Switch (2018) නත්තල පසුබිම් කරගෙන නිෂ්පාදනය වෙච්ච ලස්සන ආදර කතාවක්. නත්තල් සමය එන හින්දා මේක අරගෙන ආවේ, නත්තල තවත් ප්‍රීතිමත් කරන්න හිතාගෙන. මේකේ දෙවෙනි කොටසකුත් නිකුත් වුනා. ඒකත් ඊළගට පරිවර්තනය කරලා දෙන්නම්.

    නත්තල් කතා ගොඩාක් අතරේ මේ චිත්‍රපටිය ජනප්‍රිය වෙන්න හේතුවක් තමයි, මේකේ කතා තේමාව වෙනස් වීම. මේක ලියලා තියෙන්නේ Robin Bernheim සහ Megan Metzger දෙදෙනා. හොඳ ලස්සන කතාවක් ලියවිලා තියෙනවා ඔවුන් අතින්. මේක සිනමාවට නගලා තියෙන්නේ Mike Rohl අධ්‍යක්ෂකවරයා අතින්. රඟපෑම සඳහාත් හොඳ නළු නිලියන් පිරිසත් යොදාගන්න මෙයාලා උත්සුක වෙලා තියෙනවා. ඒ අතරින් ද්විත්ව චරිත නිරූපණය කරන ප්‍රධාන නිලිය විශේෂයි. ඇය තමයි Vanessa Hudgens. ඇය සමඟ රඟපෑමෙන් එක්වෙනවා Sam Palladio, Nick Sagar සහ Alexa Adeosun ඇතුළු පිරිසක්.

    Ratings ගැන තත්වය හැමදාම කියනවානේ. අද වෙනකොට මේකේ තත්වය IMDB 6, Rotten Tomatoes 75%, Trakt 70%, Google users 94% මට්ටමක තියෙනවා.

    කතාව ගෙවෙන්නේ නත්තල් අසිරිය වටා. ස්ටේසි දක්ෂ බේකරිකාරියක්. ඇය යනවා බෙල්ග්‍රේවියාව කියන රටේ බේකරි තරගාවලියකට. එහෙදී ඇයට හමුවෙනවා මොන්ටෙනාරෝ වල ආදිපාදවරිය. ඇය සහ ස්ටේසි ලොකු කුමන්ත්‍රණයක් දියත් කරනවා. මේ ගැන කියනවාට වඩා හොඳයි, බලන එක. සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “The Princess Switch.(2018) සිංහල උපසිරැසි” The.Princess.Switch.(2018).Sinhala.Subtitle.rar – Downloaded 722 times – 895 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
      බොහොම ස්තුතියි

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      Request :
      The Midnight Sky (2020)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram